ලංකාවේ නව ආසාදිතයන්ගෙන් සියයට 95කටම ඩෙල්ටා
ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 95.8කටම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනයවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ නවතම පරික්ෂණයක්න අනාවරණය වී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වලින් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමේදී මෙම තත්ත්වය දක්නට ඇති බවයි.
මෙම පරීක්ෂණය සඳහා මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියද එක්ව තිබේ.
වාර්තාව එළිදක්වමින් ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වලින් විවිධ කොවිඩ් ප්‍ර භේද වාර්තාවීම මේ හරහා සොයා ගත් බවයි.
පළාත් අනුව සළකා බැලීමේදී ඩෙල්ටා ආසාදිතයන් වාර්තාවීම සියයට 84 සිට සියයට 100ක් දක්වා අගයක පවතින බවත් මෙම පරීක්ෂණයෙන් අණාවරණය කරගෙන තිබේ.
මෙම වාර්තාව අනුව බස්නාහිර, වයඹ හා ඌව පළාත්වලින් ලබාගෙන ඇති සාම්පලවලින් සියයට 100ක්ම කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු කරගෙන තිබේ.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
