අරක්කු ගන්න ගියේ පැණි ගන්න ගියා වගේ
ජනතාව පොදුවේ ඒකරාශී වීම මෙම ඉතා අනතුරුදායක අවස්ථාවේදී හැකි තරම් අවම කිරීමට පියවර නොගැනීම මගින් දැඩි ජනතා කැපවීම මත දැනට ලබා ඇති රෝග පාලනය ගිලිහී යාමට ඉඩ ඇති බව විශේෂඡ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
මධ්‍යසාර ලබාගැනීම සඳහා ඊයේ දිනයේදී ජනතාව පෝලිමේ රැදී සිටි ආකාරය පිළිබඳව අදහස් දක්වමින් එම සංගමය මේ බව සඳහන් කරයි.
ඔවුන් නිකුත් කළ නිවේදනය.
“අති භයානක කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ පාලනය සඳහා රජය විසින් පනවා ඇති සංචරණ සීමා දැඩි ලෙස කඩ කරමින් ජනතාව මද්‍යසාර ලබා ගැනීම සඳහා නොඉවසිල්ලෙන් පෝලිම්වල සිටින අයුරු අපි ඊයේ අපූරුවට දැක්කෙමු.
මත්පැන් පරිහරණය කිරීමෙන් ඇතිවන භයානක ප්‍රතිඵල අප විසින් යලිත් අවධාරණය කරන අතර රජයේ භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් උපයා ගැනීමට රජයට ඇති අවශ්‍යතාව මෙන්ම බලයලත් මද්‍යසාර වෙළදුන්ගේ හා පාරිභෝගික අයිතිවාසිකම් නොසලකා සිටිය යුතු බව අපගේ අදහස නොවේ.
කෙසේ වුවද වෘත්තියමය සංවිධානයක් ලෙස රෝග පාලනයේ යම් ප්‍රගතියක් දක්නට හැකි මෙම අවස්ථාවේදී මෙම ජනයා එක් රැස්වීමේ ක්‍රියාවලිය නිසා රෝග පාලනය සඳහා ඇති විය හැකි අනර්ථය රජයට පෙන්වා දීම අප දැන් සිටින මෙම සංවේදී අවස්ථාවේදී අපගේ යුතුකමක් ලෙස අපි දකිමු. මද්‍යසාර ලබා ගැනීමට පුද්ගලයන් එකිනෙකාට ඉතා ලං ලංව ගැටීම තවත් රෝගීන් පොකූරක් ඇති කිරීමට නැවත ප්‍රධාන හේතුවක් විය හැක. මෙම තත්වය අප විසින් මින් පෙර ද අත්දුටු "පැණි" ලබා ගැනීම සඳහා ජනතාව එකිනෙකා පරයමින් සිටි අයුරු සිහිපත් කරවයි.
අප මෙහිදී රජයට අවධාරණය කරන්නේ මෙවැනි මහජන ගැවසීම් වැඩි වන තත්ත්වයක් යටතේ රටේ වැඩි ජනතාවකට ඇති විය හැකි ව්‍යසනය වළක්වා පාරිභෝගිකයන් ට ඔවුන්ගේ අවශ්‍යතා ලබා දීම ට නිසි වැඩ පිළිවෙලක් දියත් කරන ලෙසයි.
අවසාන වශයෙන් අපගේ ආයාචනය වන්නේ ජනතාව පොදුවේ ඒකරාශී වීම මෙම ඉතා අනතුරුදායක අවස්ථාවේදී හැකි තරම් අවම කිරීමට පියවර නොගැනීම මගින් දැඩි ජනතා කැපවීම මත අප දැනට ලබා ඇති රෝග පාලනය අප අතින් ගිලිහී යාමට අප කිසි සේත් ඉඩ නොදිය යුතු බවයි.”
popular news
- 
                            
Kumar Sunday, 19 September 2021 03:15 PM
lakawe wadipurama inne beybadhdo. poya dinayata viharayata yanneth mathpan beela. pohodinaka sawasa gamaka viharasthanayakata gihilla balannako.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                