නිසි ආර්ථිකයක් තුල ආණ්ඩුව ගනු ලබන තීරණ සරල රේඛාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ඒ අනුව පාරසරික වෙනස්කම් වන විට ආණ්ඩුව ගනු ලැබූ ඇතැම් තීරණ වෙනස් කිරීමට සිදු වන බවත් මන්ත්‍රී ගුණපාල රත්නසේකර සඳහන් කළේය.
ඉන්දීය සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිතව භූ චලනයක් සිදුව ඇත. එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් 6.5ක් ලෙස සටහන්ව ඇත. කෙසේ වෙතත් භූ චලනය හේතුවෙන් දිවයිනට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ ය.
Read Moreකැබිනට් හමුවෙන් පසුව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා දීමට නම් රුපියල් බිලියන 56ක මුදලක් වෙන් කළ යුතු බවයි. කෙසේ වෙතත් රජයට මේ අවස්ථාවේදී ඒ ආකාරයට මුදල් සොයා ගැනිමට හැකියාවක් නැතැයිද ඔහු පැවැසීය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගේ පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා (07) දිවයිනට රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති, අකිරා සුගියාමා මහතා පවසයි.
Read Moreමෙරට කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 100 ඉක්මවා තිබේ.
Read More2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් 11දෙනා අතරින් තිදෙනෙකුම මේවන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය අනාවරණ කර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreඅමාත්‍ය සරත් වීරසේකරගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ දෙපාර්තමේන්තු දෙකක් ආරක්ෂක අමාත්‍යාශය යටතට පවරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreරිය අනතුරුවලින් සියයට 73ක්ම නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම බවත් බස්නාහිර, වයඹ හා දකුණ පළාත්වල වැඩි වශයෙන් අනතුරු සිදුවන බවත් ඔහු පැහැදිලි කළේය. සතියේ බදාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයේදී අනතුරු වැඩි වශයෙන් සිදුවන බවත් සෑම දිනකම සවස 4ත් රාත්‍රී 8ත් අතර වැඩි වශයෙන් අනතුරු සිදුව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
Read Moreඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව 08/01 දින සිට බස්නාහිර පළාතේ තෝරා ගත් මධ්‍යස්ථාන 20 ක දී ලබා දීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය , ජපානයේ සිට රැගෙන ආ මෙම එන්නත් තොගය භාර ගනිමින් 07/31 දින සවස කටුනායක ගුවන් තොටුපළේ දී පැවසුවාය .
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍ය්‍යස්ථානය කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත්කරණය සිදුකර තිබේ. රාජ්‍ය සේවකයන් බහුතරයක් ද එන්නත්කරණයට ලක්කර ඇති බැවින්, රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreඅල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර තිබූ නඩු 8 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ තෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreනිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. මීට අමතරව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස 18ක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. දික්වල්ලගේ පළමු වැරැද්ද හේතුවෙන් ඔහුට තහනම යම්තාක් දුරකට අඩු කර තිබේ. කුසල්, දික්වැල්ල සහ ධනුෂ්කට එරෙ
Read Moreසමගි ජන බල වේගයට නැවත එක්වන ලෙසට කළ ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කරන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් 19 එන්නත් මාත්‍රා 10,553,736 පරිපාලනය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව අද වන විට රු. ට්‍රිලියනයක (රු. බිලියන 1,135.5) මුදලක් ණය වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. එසේම මහ බැංකුවේ ණය (භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර) වල මුහුණත අගය රු. ට්‍රිලියනය ඉක්මවා ඇති බවත් එසේ වූයෙ ඉතිහාසයේ පළමු වතාවට බවත් හිටපු ආණ්ඩුකාරවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමැණික අලෙවි කිරීමෙන් ලැබෙන මුදලින් සියයට 10ක මුදලක් රජයට හිමිවෙයි.
Read Moreලෝකයේ විශාලතම නිල් පොකුරු මැණික (star sapphire ) රත්නපුර ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි.
Read Moreඅල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු නිදහස්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියෝග කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව විසින් ගෙවිමට ඇති ණය මුදල්වලින් ඩොලර් බිලියනයක මුදලක් ඊයේ (26දා) ගෙවූ බව මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර තිබේ.
Read Moreඅද (27) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreදීර්ඝ කලක සිට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ බලාපොරොත්තුවක් වූ ’’දේශීය සේලයින්’’ නිෂ්පාදනය සැබෑ කරමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික ආයතනයක් බද්ධ ව්‍යාපාරයක් ලෙස ඇරැඹූ කර්මාන්තශාලාවේ නිෂ්පාදන සැප්තැම්බර් 1 දින සිට රාජ්‍ය අංශයට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය අද හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
Read Moreමෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සාමාන්‍ය ප්‍රතිශතයක් සිටිය හැකි බව නිගමනයට පැමිණ ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.
Read More2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 03 දා තෙක් පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
Read Moreගෘහස්ත ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව විසින් මිලදී ගෙන ඇති ඇමෙරිකාවේ නිෂ්පාදිත ’’ෆයිසර්’’ තවත් එන්නත් මාත්‍රා තොගයක් කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය තාක්ෂණික පත්‍රිකාවක් නිකුත් කළා. ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා පළවෙනි මාත්‍රාව ලබාගෙන මාස හයක් දක්වා ඇස්ට්‍රා සෙනිකා දෙවැනි මාත්‍රාව ලබාගන්න පුවවන්. එහි කිසිඳු ආකාරයක බල බිදීමක් සිදුවන්නේ නෑ. ලංකාවේ පෙබරාවාරි මස 15යින් පස්සේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් අය ඉන්නේ.
Read More(UPDATE)කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreඊයේ දුන් එන්නත් 412221 සමස්ත එන්නත් 8907559
Read More