මාස 06ක කාලයක් තුළ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කර මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවින්ද්‍ර බණ්ඩාර සෙනෙවිරත්න මහතා බීමතින් රිය පදවා අනතුරක් කිරීමේ වරදට වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
Read Moreඊජිප්තුවේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක් දිනා ගනිමින් ප්‍රථම ස්ථානයට පත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන ශිෂ්‍යාව 10/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එවන ලද ලිපියක අඩංගු කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පිළිතුරු ලිපියක් යොමුකර ඇත.
Read Moreපිටකොටුවේ තට්ටු හතකින් සමන්විත ගොඩනැගිල්ලක විශාල ගින්නක් ඇතිව තිබේ. මෙහිදී තුවාල ලැබූ 23 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම හේතුවෙන් ඔක්සිජන් ලබාදීමටත් පියවර ගෙන තිබේ.
Read Moreමහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මුදල් වංචා කළ සැකකරුවෙක් ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මෙම වංචාව රුපියල් කෝටි 990ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාය පවසයි.
Read Moreකොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය. කොළඔ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති 4 ක් ඇතුළත කමිටුවට ලබාදීමට නිර්දේශ. ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) හුවමාරු දෙකක් පවත්වාගෙන යාමට වරාය නගර කොමිසම අවසර දුන් බව මුදල් කාරක සභාවට දැනුම් දෙයි.
Read Moreසුරාබදු දෙපාර්තමේන්තුව මඟින් වසර දෙකක කාලයක තුළ සුරාබදු බලපත්‍ර දෙසියතුනක් ලබා දී ඇති බව පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගයනාත් මහතා සඳහන් කරයි.
Read Moreපාස්කු ඉරුදින එල්ල කෙරුණ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාගය ජංගම දුරකථනයෙන් පටිගත කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුගේ නීතිඥභාවය මාස 08කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24දා) තීන්දු කළේය.
Read More2023 අගෝස්තු මාසයේ දී 2.1%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 සැප්තැම්බර් මාසයේදී 0.8 %ක් දක්වා අඩු වී ඇත.
Read Moreරාජ්‍ය බුද්ධි සේවාව මඟින් ලද බුද්ධි තොරතුරකට අනුව, නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වන විට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව නිවේදනය කරයි.
Read Moreඅද පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යධුර කිහිපයක සංශෝධනයන් සිදු කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreකෙසේ වුවද තමන්ට සතුන්ට හානි කිරීම සඳහා පතරොම් තුවක්කු ලබා දිය නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා මෙම වායු රයිෆල් සතුන් මරා දැමීමට නොව ඔවුන් පළවා හැරීමට පමණක් උපයෝගි කර ගන්නා ලෙසත්, කිසිදු අවස්ථාවක මිනිසුන් සදහා මෙම වායු රයිෆල් භාවිතා නොකරන ලෙසත් ගොවීන්‌ෙගන් ඉල්ලා සිටියේය.
Read Moreරුපියල් කෝටි විසි තුනක් (මිලියන 230 ක් ) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , කුඩා දරුවන් කියවන ලොකු ඉංග්‍රීසි අකුරු සහිත ළමා කතාන්දර පොත් 08 ක , පිටකවර තුළ සගවා , විදේශීය කාන්තාවක විසින් ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 10/22 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබුණි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවැනි වාරිකය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා සාර්ථක වී තිබේ.
Read Moreවිදුලි ගාස්තුව සියයට 18කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.
Read Moreසමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට පාර්ලිමේන්තු කටයුතු වෙනුවෙන් එක්වීම අද දිනයේ සිට සති හතරක කාලයක අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.
Read Moreපාද සම්බාහන ආයතනයක් ලෙස පුවරු ප්‍රදර්ශනය කර දීර්ඝ කාලයක් තිස්සේ ධනකුවේරයින් හා කෝටිපති ව්‍යාපාරිකයන් සඳහාම මුදලට කාන්තාවන් සැපයූ නුගේගොඩ නාවල පාරේ ආයතනයක් වටලා කාන්තාවන් 14 දෙනෙකු සහ ඔවුන් මෙහෙය වු කළමනාකාරවරිය අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවක දී මෙම ජනාධිපති මන්දිරය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමේ තීරණයට එළඹ ඇත.
Read Moreකොළඹ පිටත වටරවුම් මාර්ගයේ දී බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය අධිවේගී රථවාහන පොලිසිය කියයි.
Read Moreයාපනයේ ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400ක් දක්වා ව්‍යාප්ත කරනවා. ඒ වගේම TEJC අඹ ව්‍යාපෘතිය යටතේ දැන් වගා කර තිබෙන ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත්. ඉදිරියේ දී අප රටට විශාල අඹ අස්වැන්නක් එනවා. ඒ නිසා මෙම අඹවලට වෙළෙඳපොලේ ඇති ඉල්ලුම වැටෙන්නට නොදී පවත්වාගෙන යා යුතුයි. ඒ නිසා දැනට යෝජනා කර තිබෙන ව්‍යාපෘති හැර වෙනත් අඹ වගාවන් උනන්දු කිරීම නොකළ යුතුයි. වෙනත් අපනයනය කළ හැකි බෝගසඳහා ගොවීන් උනන්දුකිරීමට අපි පියවර ගන්නවා
Read Moreආබාධයකට ලක්ව ඇති ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට ලෝක කුසලානය අහිමි වී තිබේ. ඒ අනුව ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබේ පාකිස්තානය හා පැවැති තරගයේදී මස්පිඩු ආබාධයකට ලක්ව ඇති දසුන්ට සති තුනක පමණ කාලයක් එයින් සුව වීම වෙනුවෙන් වැය වෙනු ඇතැයි වාර්තා වෙයි.
Read Moreපරිසර අමාත්‍යධුරය තමන් යටතට ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. ජනපති ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයක දැක්වෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව පරිසර අමාත්‍යාංශය තමන් භාරයෙන් තබා ගත යුතු බවට ජනපතිවරයා නිශ්චය කර ඇති බවයි.
Read Moreමෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් පවතින Isolez Bio Tech Pharma සමාගම වෙත ලබාදී ඇති සියලු ඇණවුම් වහාම අත්හිටුවීමට හා අවලංගු කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යංශයේ ලේකම්වරයාට හා අදාළ සියලු ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විශේෂිත එකඟතාවකට පිවිසීමක් පිළිබඳව තමන් මෙතෙක් දැනුවත්ව නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුමේ ප්‍රධානී පීටර් බෘවර් පවසයි. අද (11දා) දිනයේදී මොරොක්කෝවේ, මරාකෙෂ් නුවරදී පැවැත්වුණු ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හමුවක් අතරවාරයේදී ඔහු මේ අදහස් දක්වා තිබේ.
Read Moreවයස අවුරුදු 05 ට අඩු මරණ සංඛ්‍යාව සජීවී දරු උපත් දහසකට 12.3 වැනි අගයක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreගුවන් නියමුවෙකුට රුපියල් මිලියන 4ක, (ලක්ෂ 40 ක) මාසික වේතනයක් ලබා දෙනවා. නමුත් ඔවුන් ලෝකයේ දියුණු ගුවන් සමාගම් ලබාදෙන ඉහළ වැටුප් පෙන්වමින් වැඩි වැටුපක් ඉල්ලා සිටිනවා. නමුත් මේ මොහොතේ එවැනි වැටුප් වැඩිවිමක් ලබාදීමට හැකියාවක් නැහැ.
Read Moreප්‍රවීණ කළාකරුවෙක් වූ ජැක්සසන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. අනුරාධපුර, තලාවේදී ඔහු ගමන්ගත් කැබ් රථය වන අලියෙකු ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් පසුගිය වසරේ ජුලි මාසයේදී රෝහල් ගත කරනු ලැබීය.
Read More