මෙල්බර්න් ලොක්ඩවුන් කිරීමට හේතුව ලාංකිකයෙක්
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොවිඩ් පොකුරට සම්බන්ධ පළමු ආසාදිතයා හඳුනාගැනීමට එරට සෞඛ්‍ය අංශ සමත්වී සිටියි. මැය 08 ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයෙකුගෙන් මෙල්බර්න් නුවර කොවිඩ් පොකුර නිර්මාණය වී ඇති බවට ඔවුන් තහවුරු කර ගෙන තිබේ.
කොවිඩ් 19 ආරම්භයේ පටන් සාර්ථකව එය පාලනය කළ ඔස්ට්‍රේලියාවට මෙල්බර්න් නුවර කොවිඩ් පොකුර දැඩි බලපෑමක් එල්ල කළේය.
ඒ හේතුවෙන් සති දෙකකට ආසන්න කාලයක් මෙල්බරන් නුවර අඟුළු දැමූ අතර මිලියන 5කට අධික ජනතාවකට නිවෙස්වලටම වී සිටීමට සිදුවිය.
පළමු ආසාදිතයා සොයා ගැනීමත් සමගම මෙල්බර්න් නුවර අඟුළු දැමීම තවත් දින කිහිපයකින් ලිහිල් කිරීමට නියමිත අතර අඟහරුවා දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් දෙදෙනාද පළමු ආසාදිතයාට සම්බන්ධ බවට තහවුරු කරගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගොස් ඇති සංචාරකයා 40 වැනි වියේ පසුවන බවට තහවුරු කරගෙන තිබේ. ඔහුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මැයි 14 දා රෝහල් ගත ර ඇති අතර සුවය ලැබීමෙන් අනතුරුව මැයි 23 දා රෝහලින් පිටව ගොස් තිබේ.


popular news
- 
                            
Janaka Hettiarachchi Wednesday, 09 June 2021 07:00 PM
Samabara nivaradi viswasaniya puwath gena ema pilibadawa sathutui
Reply : 4 1
සුනිල් ෆොන්සේකා Friday, 11 June 2021 10:44 PM
අපේ රට අමාරුවේ වැටුන සෑම විටම චීනය අපි වෙනුවෙන් ඉදිරිපත් වුනා. චීනයේ යුද්ධ ආධාර නොලැබුනානම් අපිට කෙසේවත් ත්‍රස්තවාදි යුද්ධය අවසාන කරන්න බැහැ. බටහිර රටවල් කොටි ඩයස්පෝරාවට යටවෙලා අපිට බොරු මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කරනවිටත් චීනය අපිව ආරක්ෂා කලා, ඉදිරියටත් ආරක්ෂා කරන බව විශ්වාසයි. අනිත් අතට චීනයේ නිශ්පාදිත උසස් තත්වයේ නිශ්පාදන සාධාරණ මිලට ලබාගත හැකිවීමත් ඉතාමත් ලොකු උපකාරයක්. චීන ආධාර මත ගොඩනැගුනු අධිවේගී මාර්ග ජාලය ශ්‍රී ලoකාව ඉතාමත් පුoචි තැනක් කරල තියෙන්නෙ. අපේ රාජකාරි සදහා දකුණු පලාතට ගිහින් වැඩ නිමකරල ඉතමත් කෙටි කාලයක් තුල ආපසු එන්න පුලුවන්. බොහොම ස්තුතියි.
Reply : 0 0
Shanaka Friday, 11 June 2021 11:50 PM
Thanks for updates...
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                