ADA
www.ada.lk
2025 මැයි මස 13 වන අඟහරුවාදා
ශ්රී ලංකා යුද හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්රී ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය හා එක්ව සංවිධානය කළ විජයබාහු මෝටර්ක්රොස් යතුරුපැදි ධාවන තරගාවලිය පසුගියදා (26දා) කුරුණෑගල බෝයගනේ විජයබාහු ධාවන පථයේදී නිමාවට පත්විය.
මෙවර තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ඉශාන් දසනායක සම්මාන දිනාගත් අතර, හොඳම පිම්ම ඉදිරිපත් කළ ධාවකයා ලෙස යුද හමුදා සංඥා බළකාය නියෝජනය කළ බුද්ධික උෂාන් සම්මාන දිනාගත්තේය. ඊට අමතරව මෙවර තරගාවලියේ නැගී එන යතුරුපැදි ධාවකයා සම්මානය වයස 16 න් පහළ ඉසව්ව නියෝජනය කළ ඩී.එම්.ඩී. කල්හාරට හිමිවිය.
කෙසේ නමුත් පසුගිය වසර දෙකේ හොඳම පිම්ම ඉදිරිපත් කළ ක්රීඩකයා ලෙස මෙන්ම, දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස සම්මාන දිනාගත් ජපාන ක්රීඩක ටොමායා සුසුකිගේ යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඔහුට සැලකිය යුතු දක්ෂතාවක් ඉදිරිපත් කිරීමට නොහැකි විය. මෙවර තරගාවලිය සඳහා යතුරුපැදි ධාවකයක් 86 දෙනෙක් සහභාගි වූහ.
යතුරුපැදි ක්රීඩාව ශ්රී ලංකාවේ ප්රචලිත කිරීමේ අරමුණින් 2000 වර්ෂයේදී මෙම තරගාවලිය ආරම්භ කළ අතර, මෙවර පැවැත්වූයේ එහි 14 වැනි අදියරයි. රට වෙනුවෙන් දිවිපිදූ, ආබාධිත තත්ත්වයට පත්වූ සහ දැනට සේවයේ නිරතව සිටින විජයබාහු පාබල රෙජිමේන්තු සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සුභසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ ප්රමුඛ අරමුණු වේ.
popular news
එමිරේට්ස් නවීනතම ගුවන් යානය කටුනායකට
මාව දැම්මේ ලක්ෂ 10ක චෙක්පතට පාර්ලිමේන්තුට ගේන්නම ලක්ෂ 20ක් යනවා
ජනපති පැමිණි ජෙට් යානයට රජයෙන් රුපියලක්වත් වියදම් වුණේ නෑ
ශ්රී ලන්කන් ගත් අලුත්ම අවසරය
මාලදිවයින ලංකාවෙන් ණය ඉල්ලුවා
මාදුරුඔය හෙලිකොප්ටර් අනතුරෙන් 6ක් මියයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd