ඉන්දියාවේ පැවැත්වෙන දෘශ්‍යාබාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම නවසිලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 214ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරනු ලැබිය. ඒ දිල්ලි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදිය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවි ලකුණු 334ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස පන්දුවාර 20කදී කඩුලු 7ක් දැවී නවසීලන්ත කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 120ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි රුවන් වසන්ත හා සුරංග සම්පත් පිළිවෙළින් 170ක් හා 146ක් රැස් කිරිමට සමත්වූහ.