නෙදර්ලන්තය හා පැවැති තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ආබාධයකට තිබේ. මේ අනුව ඔහු එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය. නෙදර්ලන්තය හා පැවැති තරගයේදී පන්දු රැකීම වෙනුවෙන් පැතුම් නිශ්ශංක පිටියට නොපැමිණියේය.
ආබාධයක් හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ දුෂ්මන්ත චමීර වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්සත් අරාබි ඒමීර් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. ලෝක කුසලානය තුළ ශ්‍රී ලංකාවට රැදී සිටීමට නම් මෙම තරගය තිරණාත්මක වෙයි.
Read Moreලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙසින් නැම්බියා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට නෙදරල්නත් කණ්ඩායම සමත්විය.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ස්කොට්ලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මූලික වටයේ පැවැති තරගයකින් කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 42ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත්විය.
Read Moreනැමීබියාව හමුවේ ශ්‍රී ලංකාව අනපේක්ෂිත පරාජයක් ලැබුවත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබනු ඇතැයි යන මතයේ තමන් තවමත් සිටින බව ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු මිකී ආතර් පවසයි.
Read Moreආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
Read Moreපාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් ලකුණකින් තියුණු ලෙස පරාජයට පත් කරමින් ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
Read Moreඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 08ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම මස 16වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මෙරට නිල රූපවාහිනී තරග විකාශන අයිතිය සිරස ටීවී නාළිකාව හිමිකරගෙන තිබේ. ඒ අනුව මෙවර තරගාවලියේ සියලු තරග අඛණ්ඩව මෙරට ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව සිරස ටීවී උදාකර දී ඇත.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව පැවැත්වෙන පුහුණු තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය
Read Moreජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2500 ලබාගත් පළමු ශ්‍රී ලාංකික චෙස් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා මෙරට චෙස් ක්‍රීඩා ඉතිහාසයට එක්විය.
Read Moreඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්ස20 ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (02දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
Read Moreලකුණු 196ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 18.5 සියලු දෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 162ක් පමණි.
Read Moreලෙජන්ඩ්ස් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අවසන් මහ තරගය අද (01දා) ඉන්දියාවේ රයිපූර්හි පැවැත්වීමට නියමිතය. රාත්‍රී 7.30ට අවසන් මහ තරගය ආරම්භ වීමට නියමිතය.
Read Moreඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය ඊයේ කොළඹදී එළිදැක්වීය
Read MoreICC පිරිමි T20 ලෝක කුසලානයේ ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර් මිලියන 1.6 ක ත්‍යාග මුදලක් ලැබෙන බව ICC නිවේදනය කළේය. එහි අනුශූරයන්ට එම මුදලෙන් අඩක් වන ඩොලර් ලක්ෂ 8ක් හිමිවෙයි.
Read Moreමහේල උඩවත්ත ලකුණු 43 (පන්දු 27), සනත් ජයසූරිය ලකුණු 37 (පන්දු 25), තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 51 (පන්දු 30), චාමර සිල්වා ලකුණු 34 (පන්දු 24), ඉසුරු උදාන ලකුණු 17 (පන්දු 4) ලෙස විශිෂ්ඨ පිතිකරණයක නිරත වූහ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් හි ’’ක්‍රිකට් අධ්‍යක්ෂ’’ ලෙස කටයුතු කළ ටොම් මූඩි මහතා හා පවතිනකොන්ත්‍රාත්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය.
Read Moreඕස්ට්‍රේලියානු තණතීරුවලදී පා දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තර්ජනයක් වන බැවින් ඔහුගෙන් ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්ත්යියා මුරලිදරන් අනෙකුත් කණ්ඩායම්වලට අනතුරු ඇඟවීය. ’’ඔහු විශිෂ්ට විස්සයි20 පන්දු යවන්නෙක්. පසුගිය වසර 2-3 තුළ ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඔහු තරුණයෙක්,’’ මුරලිදරන් ඉන්දියාවේදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
Read Moreදසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත් වෙයි. මෙම කණ්ඩායමට උප නායකයෙක් නම්කර නොමැති අතර ආසියානු තරගාවලියේ උපනායක ලෙස කටයුතු කළේ චරිත් අසලංකයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත්ක තිබේ. තරගාවලිය ඔක්තෝබර් මස 16දා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතය.
Read Moreආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති අවසන් මහ තරගයේදී වනිඳු හසරංග හා භානුක රාජපක්ෂ දැක්වූ දක්ෂතා අනුව ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් දෙදෙනා ඉදිරියට පැමිණ තිබේ.
Read Moreඅනාගත ක්‍රීඩාවේ අභිවෘද්ධිය හා ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අත්දැකීම් හා සහයෝගය ලබා ගැනීමේ අරමුණින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුවක් ඊයේ (13) කොළඹ දී පැවැත්වුණි. මෙම හමුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුව සංවිධානය විය.
Read Moreආසියානු ක්‍රිකට් කිරුළත්, ආසියානු දැල්පන්දු කිරුළත් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණියහ. ඔවුන් විශේෂ රථ පෙළපාළියකින් කොළඹ ක්‍රිකට් ආයතනය වෙත හා දැල් පන්දු සංගම් මූලස්තානය වෙත රැගෙන යාමට කටයුතු කළේය.
Read Moreලෙජන්ඩ්ස් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 38ක ජයක් වාර්තා කිරිමට සමත්විය.
Read Moreප්‍රභල පාකිස්තාන කණ්ඩායම ලකූණු 23කින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ලකුණු 170ක් රැස්කිරීමට සමත්විය.
Read Moreඅපරාජිතව ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.
Read Moreආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අවසන් මහ තරගයේදී සිංගප්පූරු කණ්ඩායම 63-53 ක් ලෙස පරාජයට පත්කරමිනි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට සාජා හි පැවැත්වීමට නියමිතව තිබේ. මෙ අතර ආසියානු කුසලාන දැල් පන්දු ශූරතාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හා සිංගප්පූරු කණ්ඩායම හෙට දිනයේදී තරග වැදීමට නියමිතව තිබේ.
Read More