saravita-anim2

2025 ජුනි මස 18 වන බදාදා

2025 ජුනි මස 18 වන බදාදා

Sports - timelapse 2936 hours ago

LATEST

වනිඳු ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගනියි

calendar_today 2023 අගෝ 15 - 19:49 remove_red_eye - 522  

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් තරග පිටියෙන් විශ්‍රාම ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා සිටින වනිඳු හසරංග සදහන් කර සිටින්නේ, සීමිත පන්දුවාර තරග අංශයෙහි විශේෂඥ ක්‍රීඩකයකු ලෙස තම වෘත්තීය ක්‍රි

මුදලට තරඟ පාවා දුන්නේ යැයි කියන සිද්ධියකට සම්බන්ධ බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක පදිංචි ස්ථානයෙන් අතුරුදන් වී ඇතැයි කියමින් නීතීපතිවරයා කළ ඉල්ලීමකට අනුව සචිත්‍ර සේනානායකට විදේශ ගතවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමඟ උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙමින් යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ කටයුතු කඩිනම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙන බව තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසිය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් (12) දින නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Read More

මාස අටකට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට ඔස්ට්‍රේලියා අධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවස්ථාව තිබේ.

Read More

ගාල්ල ටයිටන්ස් කණ්ඩායම ලකුනු 89කින් පරාජය කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත්විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය යටතේ කොළඹ කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සමත්විය.

Read More

ක්‍රීඩා පනතට අනුව ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු වුවත් එවන් අවසරයක් ලබා නොගෙන මෙම තරගාවලිය පැවැත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කළු පැල්ලමක් බව තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

මස්කෙලිය ප්‍රදේශයේ පාසල් දැරියක් කිලෝමිටර් දෙකක දුරක් විනාඩි 14 කින් පාගමනින් ගොස් වාර්තාවක් තැබිමට (31) දින සමත්විය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කඩුලු 5ට ලකුණු 576ක් රැස්කරමින් ඉනිම අත්හිටුවිය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නලු නිළියන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් සත පහක් හෝ වියදම් කර ඇතැයි යම් අයෙක් ඔප්පු කළොත් තමන් ඇතුළු පිරිස ධුරවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පැවැසීය.

Read More

සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය.

Read More

උස්බෙකිස්තානයේදී ඊයේ (19දා) නිමාවූ ආසියානු පාසල් චෙස් තරගාවලියේ ක්ලැසිකල් අංශයේ රන් පදක්කම් දෙකක් දිනා දීමට රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ මුදලිගේ උමන්දි හා මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ පෙහන්සා සමරවීර සමත්වූහ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 279කට දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 131ක පහසු ඉලක්කයක් හිමිවිය.

Read More

ආසියානු සටන් කළා ශූරතා - 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සටන් කළා කණ්ඩායම 07/14 දින තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

ඉන්දියාවේදී පැවැත්විමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ හී දී පැවති තරගාවලිය අපරාජිතව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (11දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේ පැවැති තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ අවසන් තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 128ක ජයක් හිමිකර ගනිමිනි.

Read More

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සඳහා එක්වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස නීතිඥ සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් තමා විසින් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Read More

අයි.සී.සී. කාන්තා එක්දින කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ ස්ථානයට පත් ශ්‍රී ලංකාවේ පළමු හා එකම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු වාර්තා අතරට එක්වූවාය.

Read More

එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 165කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

ඉතිහාසයේ ප්‍රථමවරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී නොවන එක්දින ලෝක කුසලාන තරගාවලියක් තවත් නොබෝ දිනකින් ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.

Read More

එක්දින ක්‍රිකට් පිටියේ විශේෂිතම ලෝක වාර්තාවක් පිහිටුවීමේ අවස්ථාව ශ්‍රි ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ලැබී තිබේ. ඒ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග හතරකදී පිට පිටම කඩුලු පහ බැගින් දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට අවස්ථාව අද දිනයේදී ලැබී ඇති හෙයිනි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට සමත්විය‍. එක්දින ලෝක කුසාලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී දිමුත් මෙම ශතකය වාර්තා කළේය.

Read More

අන්තර් පාසල් වයස 15න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේදී තමා මුහුණදුන් තරග දෙකෙන්ම පිට පිටම කඩලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පාසල් වාර්තාවක් තැබීමට බලපිටිය සිද්ධර්ථ විද්‍යාලයේ දිලුක දුශේන් මෙන්ඩිස් සමත්වූයේය.

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 9 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිළ වශයෙන් දැනුම් දී ඇත.

Read More

ලංකා ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදි මේ දක්වා වෙන්දේසි කළ ක්‍රීඩකයන් අතරින් වැඩිම මුදල පන්දුයැවීමේ ක්‍රීඩක දිල්ෂාන් මධුශංකට හිමිවිය. ඔහු ඇමෙරිකානු ඩොලර් 92000කට මිලදී ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කටයුතු කළේය.

Read More

ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ලෝක ටෙස්ට් ශූරතාව ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. එංගලන්තයේ ඕවල් පිටියේ පැවැති තරගයේ ලකුණු 444ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 234ක් පමණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි ලිංගික බලහත්කාරකම් කිරීමේ නඩුව එළඹෙන ජූලි මස 07වැනිදා විභාගයට ගැනීමට (Trials) සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවිය ඊයේ (08දා) තීන්දු කළේය.

Read More

ශ්‍රී ලංකව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7) පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක පහසු ජයක් ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.