කොදෙව්වෝ පැමිණෙති
බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා 10/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග විස්සයි විස්ස තරග 03 ක් සහ එක් දින තරග 03 ක් සදහා සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න රුද්‍රිගු මහතා පැවසීය .
විස්සයි විස්ස තරග එළඹෙන 10/13 , 10/15 සහ 10/17 යන දින වල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය.
මීට අමතරව එක් දින තරග එළඹෙන 10/20 , 10/23 සහ 10/26 යන දින වල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම 10/10 දින උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                