saravita-anim2

2025 ජුනි මස 18 වන බදාදා

2025 ජුනි මස 18 වන බදාදා

Sports - timelapse 2778 hours ago

LATEST

මම දස්සාට සහාය දෙනවා - මාලිංග

calendar_today 2023 සැප් 20 - 17:52 remove_red_eye - 2623  

එක්දින ලෝක කුසලානය පවතින අවස්ථාවක කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම හොඳ තීරණයක් නොවෙනු ඇති බවත් දසුන් ශානක තවදුරටත් නායකයා ලෙස කටයුතු කළ යුතුව ඇති බවත් හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි.

ඉන්දියාවේදී ආරම්භවිමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වත්මන් නායක දසුන් ශානක වෙතම පැවැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

Read More

දකුණු කොරියාවේ පැවති 45 වන ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී රන් සහ රිදී පදක්කම් දිනා ගත් රේණු චන්ද්‍රිකා ද සිල්වා මහත්මිය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

Read More

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 50ක් පමණයි.

Read More

යුධ හමුදා සංඥා බළකායේ මාණ්ඩලික සැරයන් ඉන්දික කීර්තිරත්න මහතා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමිටර් 580.16 දුරක් දින 10 යි පැය 12 විනාඩි 02 ක් තුළ පා ගමනින් පැමිණ පෙරේදා (16) නව ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සමත් විය.

Read More

ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය එංගලන්ත තරග සංචාරය නිමා කර ඊයේ (16දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවති දකුණු ආසියානු කණිෂ්ඨ බැට්මින්ටන් තරඟාවලියේදී රන් පදක්කම් හතරක් දිනූ ශ්‍රී ලංකා ජාතික බැට්මින්ටන් ශූරිය වන බද්දේගම ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලයේ රනිත්මා තිනිදු ලියනගේ සිසුවිය පිළිගැනීමේ හා උපහාර පිදීමේ උත්සවයක් පසුගිය 14 දා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වුණි .

Read More

තරගයට වර්ෂාවෙන් බධා ඇතිවූ අතර පාකිස්තානය නියමිත පන්දුවාර 42දී කඩුලු 7ට ලකුණු 252ක් රැස්කළේය. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42කදී ලකුණු 252ක ඉලක්කයක් හිමිවිය.

Read More

ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දී කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

Read More

ආසියානු කුසලාන එක්දින තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායම අසරණ කරමින් සිය එක්දින පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට දුනිත් වෙල්ලාලගේ සමත්විය.

Read More

පාකිස්තානයට එරෙහිව එක්දින තරග ඉතිහාසයේ සිය දැවැන්තම ජයග්‍රහණය වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්වූයේය. ඒ ආසියානු කුසලාන තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයෙන් ලකුණු 228ක ජයක් වාර්තා කරමිනි.

Read More

එක්දින ලකුණු 13000 සීමාව පසුකළ ක්‍රීඩකයන්.... සචින් තෙන්ඩුල්කාර් - 18426 කුමාර් සංගක්කාර - 14234 රිකී පොන්ටින් - 13704 සනත් ජයසූරිය - 13430 විරාත් කෝලි - 13018*

Read More

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 21ක ජයක් වාර්තා කිරිමට සමත්විය.

Read More

තරගයේදී ශ්‍රී ලංකා නායක චමරි අතපත්තු පන්දු 28කදී ලකුණු 44ක් හා ලකුණු 21ට කඩුලු තුනක් දවා ගැනීමට සමත්වූ අතර ඒ අනුව ඇය තරගයේ වීරවරිය ලෙසද සම්මාන ලැබීය. එසේම තරග තුනේදී ඇය ලකුණු 114ක් හා කඩුලු පහක් දවා ගැනීමට සමත්වූ අතර ඒ අනුව තරගාවලියේ විරවරිය ලෙසද ඇය සම්මාන ලැබීය.

Read More

මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා යටතේ අද පෙරවරුවේ ක්‍රීඩා දූෂණ භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කෙළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය. ඒ ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Read More

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයේ ලකුණු දෙකකින් තියුණු තරගයකින් අනතුරුව ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය.

Read More

ආසියානු කුසලාන එක්දින තරගාවලිය යටතේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරගය අද නුවර පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතය.

Read More

ආසියානු කුසලාන තරගාවලියේ පාකිස්තානයේ පැවැත්වෙන තරග සදහා එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (01දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පකිස්තානය බලා පිටත්ව ගියහ.

Read More

(UPDATE) ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයෙන් කඩුලු පහක ජයක් වර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා පකිස්තාන සහ නේපාල ක්‍රිකට් කණ්ඩායම් දෙක 08/31 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

තම දෑත් මත තබාගත් කිලෝ ග්‍රෑම් 22 ක බරින් යුත් කොන්ක්‍රීට් කුට්ටියකට, කුළු ගෙඩියකින් පහර දී විනාඩියක් තුළදී එවැනි කුට්ටි 26 ක් කඩා දමා නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට හඟුරන්කෙත පල්ලේබෝවල පදිංචි ජනක කාංචන මුදන්නායක ඊයේ (29) සමත් වූහ

Read More

09 වන ලෝක කුන්ෆු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 06 දිනා ගෙන 08/28 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිය .

Read More

ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා බංගලදේශ ක්‍රිකට් කණ්ඩායම 08/27 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

නේපාලයේ පැවති දෙවන දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි වයස අවුරුදු 15 න් පහළ සහ වයස අවුරුදු 17 පහළ කණ්ඩායම් ශූරතා දිනා ගනිමින් ඒවාට හිමි රන් පදක්කම් මෙන්ම කේවළ තරග ඉසව් වලදී රන් පදක්කම් 07 , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 03 දිනා ගෙන 08/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

ලෙබනනයේ පැවැත්වෙන 33 වන ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා 08/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

Read More

ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 08/24 දින අලුයම එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා පිටත්ව ගියහ.

Read More

එහිදී වනිඳු හසරංග ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අවසන් මහ තරගයේදී පන්දුවාර කිහිපයක් යොමුකරන ලෙස ඉල්ලා සිට ඇති අතර ඒ අනුව මැතිව්ස් අවසන් මහ තරගයේදී පන්දුවාර දෙකක් යොමු කිරිමට කටයුතු කෙරිණි. ඔහුට කඩුලු දවා ගැනීමට නොහැකි වුවත් තම පන්දුවාර දෙකේදි ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 11ක් පමණි.

Read More

දඹුල්ල අවුරා කණ්ඩායම කඩුලු පහකින් පරාජයට පත්කරමින් ලංකා ප්‍රිමියර් ලීග කිරුණ තමන් සතු කර ගැනිමට නුවර කණ්ඩායම සමත්විය.

Read More

කාන්තා පාපන්දු ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අවසන් මහ තරගයේදී එංගලන්තය ගෝල 1 -0 ක් ලෙස පරාජයට පත්කරමිනි.

Read More

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සත්කාරකත්වය සපයනු ලබන 2023 ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවියේ පළමු අදියර අද (17) පකිස්ථානු සම්මත වේලාවෙන් මධ්‍යහන 12 සිට (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 12:30) ආරම්භ වන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.