saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 3204 hours ago

LATEST

අයි.සී.සී. මහා සභා රැස්වීම ලංකාවේදී

calendar_today 2024 පෙබ 01 - 15:50 remove_red_eye - 352  

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරටදී පැවැත්වීමට නියමිතය.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගයකට ,එක් දින සීමිත ඕවර් 50 තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහා 01/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ කාන්තා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුව කැඳවා තිබේ. උත්තර ප්‍ර දේශ් ‌වොරියරස් කණ්ඩායම නියෝජනය කළ ලෝරන් බෙල් වෙනුවට මෙසේ චමරි අතපත්තු කැඳවා තිබේ. අතපත්තු ඇයගේ මූලික මිල වන ඉන්දීය රුපියල් ලක්ෂ 30 (ඇමරිකානු ඩොලර් 36,000 පමණ) වටිනායකමට කණ්ඩායම සමගින් ගිවිසුම් ගතව තිබේ

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරට අදාළව වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස නම්කර තිබේ.

Read More

2023 වසරට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ වසරේ කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කර තිබේ.

Read More

2023 වසරට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලස ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ නමද ඇතුළත් කර තිබේ.

Read More

2023 වසරේදී කාන්තා විස්සයි20 පිටියේදී දැක්වූ දක්ෂතා අනුව එම වසරට අදාළ විස්සයි20 කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් සහිත තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට නැවත කණ්ඩායමට පැමිණීමට තමන් ආරාධනා නොකළ බවත්, ඔහු ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයකු නොවන බවත් වනිදු හසරංග පැවසීය. එමෙන්ම ඔහුගේ පිතිකරණය පළමු විස්සයි20 තරගය ජය ගැනීමට ඉතා වැදගත් වූ බව ද ඔහු මෙහිදී පැවසීය.

Read More

මේ වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තරග තුනක් ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් තමන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම ආසියානු ක්‍රිකට් සභාපති ජේ ෂා මහතා සමග පැවැති සාකච්ඡාව ධනාත්මක වූ බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තහනම පෙබරවාරි 15දාට ප්‍රථම ඉවත් කිරීමට හැකියාවක් ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායහ හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 273ක් රැස්කරමින් සිම්බාබවේ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් ලබා දුන්නේය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මාන සඳහා නිර්දේශිත ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රිඩක ඩිල්ෂන් මධුශංක හා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුගේ නම් ඇතුළත්ව තිබේ.

Read More

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. එම සංචිතය තුළ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් දක්නට ඇති අතර ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම යළිත් සංචිතයට එක්කර තිබේ.

Read More

‍මෙම වාර්තාව බාර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් ක‍ළේ මෙම වාර්තාව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් මෙම වාර්තාව මෙන්ම නව ක්‍රීඩා පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය.

Read More

ක්‍රීඩා අමත්‍යවරයාට පැවරි ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයකින් ලියාපදිංචිය අත් හිටවනු ලැබූ ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය ,ශ්‍රි ලංකා ජාතික රෝද සපත්තු සංගමය,ශ්‍රී ලංකා කබඩි සම්මේලනය ,ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණ පැවැත්වීමේ මූලික කටයුතු සඳහාවූ විශේෂ රැස්වීම් පහක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය, රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් කැඳවා තිබේ.

Read More

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කොට ඊයේ (30) පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී නිමාව දුටු ශ්‍රී ලංකා යොවුන් චෙස් තරගාවලියේ වයස 19න් පහළ විවෘත චෙස් ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.තිසල් මංජිත් පියුමන්ත දිනා ගත්තේය.

Read More

ජාතික මට්ටමේ ක්‍රීඩා සංගම් දෙකක හා සම්මේලන තුනක ලියාපදිංචිය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් දෙසැම්බර් 22 දිනෙන් නිකුත්කළ අති විශේෂ ගැසට් නිවේදනක් මගින් තාවකාලිව අත්හිටුවා තිබේ.

Read More

තායිලන්තයේ සෂිකට් ප්‍රාන්තයේ 12/12 සිට 12/18 දක්වා පැවති බටහිර තූර්ය වාදන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මහනුවර සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් එම තරගාවලියේ දෙවන ස්ථානයට හිමි රිදී පදක්කම දිනා ගෙන 12/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි .

Read More

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ද, විස්සයි20 නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරරංග ද පත්කිරීමට නව ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙනුවෙන් පත්කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුව අහෝසි කරමින් වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඊයේ (12දා) මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

Read More

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

Read More

හිටපු නායක මෙන්ම හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ සඳහා සනත් ජයසූරිය වෙත ඉහළ වැටුපක් ගෙවීමට ක්‍රිකට් ආයතය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

Read More

හිටපු නායක උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් මෙම තේරීම් කමිටුව ශ්‍රි ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ආරම්භක පිතිකරු උපුල් තරංග, දඟ පන්දු යවන ක්‍රීඩකයන් වන ඩිල්රුවන් පෙරේරා හා අජන්ත මෙන්ඩිස් පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පනවා තිබෙන ක්‍රිකට් තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.)තමන්ට දුරකථනයෙන් තහවුරු කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳව අද (04දා) පැවති අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී පිළිතුරු කතාව ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ නව සභාපති ලෙස වෛද්‍ය මයියා ගුණසේකර මහතා පත්කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තමන් වෙත පැවරී ඇති බලතල අනුව නව ක්‍රීඩා කවුන්සිලය නම් කර තිබේ.

Read More

හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. කෙසේ වෙතත් එහි සෙසු සාමාජිකයන් කවුදැයි අමාත්‍යවරයා සඳහන් නොකළේය.

Read More

තායිලන්තයේ පැවති 08 වන කායවර්ධන සහ ශාරීරික නිරූපන ශූරතා තරගාවලිය - 2023 සහභාගී වූ දිලිප් වෙන්සාකර් ක්‍රීඩකයා , එම තරගාවලියේ දී රන් පදක්කම් 02 ක් සහ එක් රිදී පදක්කමක් දිනා ගෙන 11/29 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

දකුණු කොරියාවේ සහ මැලේසියාවේ පැවති කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගී වී ඒවායින් රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් තෙනුර ලක්සෙන් ක්‍රීඩකයා 11/29 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.