ශ්රී ලාංකිකයන්ගෙත් හදවත් සලිත කළ පාකිස්තානයට එරෙහි එංගලන්තයේ ප්රති ප්රහාරය
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ සිව්වන දිනය සඳහා වන තරගය මේ වන විට පාකිස්තානයේ මුල්තාන් හීදී පැවැත්වේ.
තරගයේ සිය පළමු ඉනිමට කඩුලු 07ක් දැවී ලකුණු 823ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම තරගය අත්හිටුවීමට මීට සුළු මොහොතකට පෙර කටයුතු කරනු ලැබුවා.
මෙහිදී හැරී බෲක් ලකුණු 317ක් සහ ජෝ රූට් ලකුණ 262ක් ලබා ගනිමින් මෙම දැවැන්ත ලකුණු පුවරුව ගොඩ නැගීමට සමත් විය.
ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු පුවරුව වන ශ්රී ලංකාව කඩුළු 06කදී රැස්කළ ලකුණු 952ක වාර්තාව බිඳ වැටෙන ඇති බවට මෙහිදී මත පළ විය.
කෙසේ වෙතත් එංගලන්තය වාර්තා කල මෙම ලකුණු 823ක දැවන්ත ලකුණු පුවරුව ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ සිව්වන වැඩිම ලකුණු පුවරුව ලෙස වාර්තා අතරට එක්විය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සියල්ලන් දැවී පළමු ඉනිමට ලකුණු 556ක් රැස් කළායේ.
ඒ අනුව ඔවුන් මේ වන විට එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 267ක් පිටුපසින් පසුවන්නේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

