අනාගත ක්‍රීඩාවේ අභිවෘද්ධිය හා ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අත්දැකීම් හා සහයෝගය ලබා ගැනීමේ අරමුණින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුවක් ඊයේ (13) කොළඹ දී පැවැත්වුණි. මෙම හමුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුව සංවිධානය විය.
ආසියානු ක්‍රිකට් කිරුළත්, ආසියානු දැල්පන්දු කිරුළත් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණියහ. ඔවුන් විශේෂ රථ පෙළපාළියකින් කොළඹ ක්‍රිකට් ආයතනය වෙත හා දැල් පන්දු සංගම් මූලස්තානය වෙත රැගෙන යාමට කටයුතු කළේය.
Read Moreලෙජන්ඩ්ස් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 38ක ජයක් වාර්තා කිරිමට සමත්විය.
Read Moreප්‍රභල පාකිස්තාන කණ්ඩායම ලකූණු 23කින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ලකුණු 170ක් රැස්කිරීමට සමත්විය.
Read Moreඅපරාජිතව ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.
Read Moreආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අවසන් මහ තරගයේදී සිංගප්පූරු කණ්ඩායම 63-53 ක් ලෙස පරාජයට පත්කරමිනි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට සාජා හි පැවැත්වීමට නියමිතව තිබේ. මෙ අතර ආසියානු කුසලාන දැල් පන්දු ශූරතාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හා සිංගප්පූරු කණ්ඩායම හෙට දිනයේදී තරග වැදීමට නියමිතව තිබේ.
Read Moreඑක් වර්ෂයක් තුළ ශ්‍රි ලංකාව වෙනුවෙන් විස්සයි20 පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා ලෙස වාර්තා අතරට පිවිසීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්සංක සමත්ව තිබේ.
Read Moreආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසන් තරගය වූ ශ්‍රි ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කන්ඩායම සමත්විය.
Read Moreආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන් හා පන්දු යවන්නන් මේ දක්වා දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සමත්ව තිබේ.
Read Moreමෙම ජයග්‍රහණයත් සමගින් පාකිස්තානය ශ්‍රී ලංකාව සමගින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. සාජා පිටියේ පැවැති තරගයෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන පරාජයෙන් කුපිත වූ ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් පාකිස්තාන ප්‍රේක්ෂකයන්ට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.
Read Moreආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූයේය.
Read Moreආසියානු කුසාලන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් 7 දෙනෙක් මිලියන ගණනක මුදල් වියදම් කරමින් සැලසුම් කර තිබූ විදෙස් සංචාරයක් ක්‍රීඩා සභාව විසින් අත්හිටවූ බවට හිටපු අමාත්‍ය මෙන්ම වත්මන් ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වන අර්ජුන රණතුංග මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත්දෙනෙකු එම ආයතනයේ රුපියල් මිලියන ගණනක් වැයකොට විදේශ රටක විනෝද චාරිකාවක් යාමට සැලසුම් කොට තිබියදී එය අත්හිටවූ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවසීය.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඇෆ්ගනිස්ථානය කඩුලු 8ක පහසු ජයක් වාර්තා කළේය.
Read Moreඒක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පවත්වනු ලබන විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද සවස කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
Read Moreආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රි ලංකා ක්‍රිකට් සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලබා දි තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් හා චරිත් අසලංකගේ උපනායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 20ක් ඇතුළත් වෙයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2023-27 සඳහා වන අනාගත තරගාවලි ප්‍රකාශයට පත්කර තිබේ.ලබන වසරේදී ඉන්දියාවේදි පැවැත්විමට නියමිත ලෝක කුසලාන තරගාවලියත් සමගින් මෙම අනාගත තරගාවලි ප්‍රකාශයට පත්කර ඇති අතර එහිදි ප්‍රධාන තරගාවලි පහක් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මෙන්ම ක්‍රීඩා කවුන්සිලයේ වත්මන් සභාපති අර්ජුන මහතාගෙන් රුපියල් බිලියන 2ක වන්දි ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
Read Moreශ්‍රි ලංකාවේ තරග සංචාරය කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමිවූ ත්‍යාග මුදල් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රි ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කිරිමට ඔවුන් තිරණය කර තිබේ.
Read Moreතහනම් උත්තේජක ශරීරගතව තිබීමේ චෝදනාවට වරදකරු කරමින් ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 4 ක පූර්ණ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය තීරණය කර තිබේ.
Read Moreබර්මින්හැම් හි පැවත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීයි ක්‍රීඩා උළෙලේදී අතුරුදන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් අතරින් දෙදෙනෙක් සොයාගැනීමට බටහිර මිඩ්ලන්ඩ්ස් පොලීසිය සමත්ව තිබේ.
Read Moreමල්ලවපොර ඉසව්වකින් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට 18 හැවිරිදි නෙත්මි පෝරුතොටගේ සමත්වූවාය . ඇය කිලෝ ග්‍රෑම් 57 බරපංතියේ නිදහස් ආර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාව පරාජයට පත්කරමින්.ෙ මේ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාවේ ලාබාලතම ක්‍රීඩකාව බවටත් ඇය වාර්තා අතරට එක්වූවාය.
Read Moreනිළධාරීන් විදේශගත වන මුදල් ක්‍රීඩකයින් වැඩි වශයෙන් විදේශගත කිරීමට යොදාගැනීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read More“ඔව් මම එය කළා! මම මා ගැන ආඩම්බර වෙන අතරම මා වෙනුවෙන් සිටි සියල්ලන්ම ආඩම්බරයට පත් කළෙමි! මෙම තරඟයේ සෑම මොහොතකම මාත් සමග සිටි ඔබ සැමට බොහොම ස්තුතියි. මෙය අනාගතයේ සිදු වීමට නියමිත තවත් විශාල දේවල ආරම්භය පමණි. මම දිගටම වෙහෙස මහන්සි වී වැඩ කරමි.”
Read Moreපොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා උළෙල් පැරා ක්‍රීඩා ඉසව්වලදි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර සමත්විය.
Read Moreපොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් විසින් කෙටිදුර ධාවන ඉසව්වකදී දිනාගත් පළමු පදක්කමට හිමිකම් කිමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්විය.
Read Moreඑංගලන්තයේ බ්‍රින්හැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ මීටර් 100 පිරිමි තරගයේ සුදුසුකම් ලැබීමේ තරගයකට ක්‍රිඩා කළ ශ්‍රී ලංකායේ සුපුරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් එහි පළමු ස්ථානය දිනා ගැනීමට සමත්විය. යුපුන් එම තරගය තත්පර 10.06කින් නිම කළ අතර ඒ අනුව ඔහු අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේය.
Read More