saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 5209 hours ago

LATEST

චමීර ශල්‍යකර්මයට මුහුණ දෙයි

calendar_today 2022 ඔක් 30 - 18:23 remove_red_eye - 674  

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශල්‍ය කර්මයකට මුහුණ දී තිබේ. චමීරගේ පාදයක වළලුකරේ ඇතිව තිබූ ආබාධයකට අදාළව මෙම ශල්‍යකර්මය පවත්වා තිබේ. ඔස්ට්‍රේලියාවේදී මෙම ශල්‍යකර්මය සිදුකර තිබේ.

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දිය කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායමද දකුණු අප්‍රිකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති තරගයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායමද දැවැන්ත ජයග්‍රහණයන් වාර්තා කිරිමට සමත්වූයේය.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අයර්ලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5ක ජයක් වාර්තා කිරිමට අයර්ලන්ත කණ්ඩායම සමත්විය.

Read More

මාකස් ස්ටොයිනිස්ගේ අනුකම්පා විරහිත පිතිප්‍රහාරය හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගයක් ලෙස පර්ත්හිදී ඊයේ (25දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ කඩුලු 07ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ආබාධ තත්ත්වයන් වැඩි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩකයන් තිදෙනෙක් ඔස්ට්‍රේලියාව වෙත යොමුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

Read More

තියුණු තරගයකින් අනතුරුව පාකිස්තාන කණ්ඩයම පරාජය කරමින් පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගය ජය ගැීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට සමත්විය. ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15කදී ලකුණු 133ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය. ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් නොදවී ලකුණු 68ක් වාර්තා කිරීමට සමත්විය.

Read More

ඉන්දුනීසියාවේදී පැවැති ආසියානු යොවුන් චෙස් තරගාවලියේ වයස 10න් පහළ බාලිකා රන් පදක්කම කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඔෂිනි දේවින්දයා ගුණවර්ධන දිනා ගත්තාය.

Read More

නෙදර්ලන්තය හා පැවැති තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ආබාධයකට තිබේ. මේ අනුව ඔහු එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය. නෙදර්ලන්තය හා පැවැති තරගයේදී පන්දු රැකීම වෙනුවෙන් පැතුම් නිශ්ශංක පිටියට නොපැමිණියේය.

Read More

ආබාධයක් හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ දුෂ්මන්ත චමීර වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්සත් අරාබි ඒමීර් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසිය‌ේ වාසිය දිනාගත් එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. ලෝක කුසලානය තුළ ශ්‍රී ලංකාවට රැදී සිටීමට නම් මෙම තරගය තිරණාත්මක වෙයි.

Read More

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙසින් නැම්බියා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට නෙදරල්නත් කණ්ඩායම සමත්විය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ස්කොට්ලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මූලික වටයේ පැවැති තරගයකින් කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 42ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත්විය.

Read More

නැමීබියාව හමුවේ ශ්‍රී ලංකාව අනපේක්ෂිත පරාජයක් ලැබුවත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබනු ඇතැයි යන මතයේ තමන් තවමත් සිටින බව ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු මිකී ආතර් පවසයි.

Read More

ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

Read More

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් ලකුණකින් තියුණු ලෙස පරාජයට පත් කරමින් ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

Read More

ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 08ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම මස 16වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මෙරට නිල රූපවාහිනී තරග විකාශන අයිතිය සිරස ටීවී නාළිකාව හිමිකරගෙන තිබේ. ඒ අනුව මෙවර තරගාවලියේ සියලු තරග අඛණ්ඩව මෙරට ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව සිරස ටීවී උදාකර දී ඇත.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව පැවැත්වෙන පුහුණු තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය

Read More

ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2500 ලබාගත් පළමු ශ්‍රී ලාංකික චෙස් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා මෙරට චෙස් ක්‍රීඩා ඉතිහාසයට එක්විය.

Read More

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්ස20 ක්‍රිකට් ‌ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (02දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.

Read More

ලකුණු 196ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 18.5 සියලු දෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 162ක් පමණි.

Read More

ලෙජන්ඩ්ස් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අවසන් මහ තරගය අද (01දා) ඉන්දියාවේ රයිපූර්හි පැවැත්වීමට නියමිතය. රාත්‍රී 7.30ට අවසන් මහ තරගය ආරම්භ වීමට නියමිතය.

Read More

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය ඊයේ කොළඹදී එළිදැක්වීය

Read More

ICC පිරිමි T20 ලෝක කුසලානයේ ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර් මිලියන 1.6 ක ත්‍යාග මුදලක් ලැබෙන බව ICC නිවේදනය කළේය. එහි අනුශූරයන්ට එම මුදලෙන් අඩක් වන ඩොලර් ලක්ෂ 8ක් හිමිවෙයි.

Read More

මහේල උඩවත්ත ලකුණු 43 (පන්දු 27), සනත් ජයසූරිය ලකුණු 37 (පන්දු 25), තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 51 (පන්දු 30), චාමර සිල්වා ලකුණු 34 (පන්දු 24), ඉසුරු උදාන ලකුණු 17 (පන්දු 4) ලෙස විශිෂ්ඨ පිතිකරණයක නිරත වූහ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් හි ’’ක්‍රිකට් අධ්‍යක්ෂ’’ ලෙස කටයුතු කළ ටොම් මූඩි මහතා හා පවතිනකොන්ත්‍රාත්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය.

Read More

ඕස්ට්‍රේලියානු තණතීරුවලදී පා දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තර්ජනයක් වන බැවින් ඔහුගෙන් ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්ත්යියා මුරලිදරන් අනෙකුත් කණ්ඩායම්වලට අනතුරු ඇඟවීය. ’’ඔහු විශිෂ්ට විස්සයි20 පන්දු යවන්නෙක්. පසුගිය වසර 2-3 තුළ ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඔහු තරුණයෙක්,’’ මුරලිදරන් ඉන්දියාවේදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

Read More

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත් වෙයි. මෙම කණ්ඩායමට උප නායකයෙක් නම්කර නොමැති අතර ආසියානු තරගාවලියේ උපනායක ලෙස කටයුතු කළේ චරිත් අසලංකයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත්ක තිබේ. තරගාවලිය ඔක්තෝබර් මස 16දා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතය.

Read More

ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති අවසන් මහ තරගයේදී වනිඳු හසරංග හා භානුක රාජපක්ෂ දැක්වූ දක්ෂතා අනුව ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් දෙදෙනා ඉදිරියට පැමිණ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.