saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 5610 hours ago

LATEST

පොදු රාජ්‍ය මණ්ඩලයීය පළමු පදක්කම ඉසුරුගෙන්

calendar_today 2022 ජුලි 30 - 20:24 remove_red_eye - 660  

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනාදීමට බබර ඉසිලීමේ ක්‍රීඩක ඉසුරු කුමාර සමත්විය. බර්මින්හැම්හි පැවැත්වෙන තරගාවලියේ පිරිමි කිලෝග්‍රෑම් 55 කාණ්ඩයෙන් ඔහු ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට එක්වීමට එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 4ක් හා පුහුණුකරුවෙක් කොවිඩ් ධනාත්මක වී තිබේ. මෙසේ කොවිඩ් ධනාත්මක වූවන් අතර ජිම්නාස්ටික් ක්‍රීඩකයින් දෙදෙනෙකු, ජිම්නාස්ටික් පුහුණුකරුවෙකු සහ පිරිමි සහ කාන්තා පැසිපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවක්ද වෙයි.

Read More

සංචාරක පාකිස්තාන කණ්ඩායම ලකුණු 246කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

පාකිස්තානය සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායම පළමු දිනයට තරගය නිමා කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස්කිරීමට සමත්විය.

Read More

පාකිස්තානය හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබේ. ඒ අනුව ඔහුට අද දිනයේදී ටෙස්ට් වරම් හිමිවිය.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ 6 වැනි ක්‍රිඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට අවස්තාව හිමිව තිබේ. ඒ පාකිස්තානය සමගින් අද ආරම්භවිමට නියමිත ටෙස්ට් තරගයට මැතිව්ස් ක්‍රීඩා කිරීමත් සමගිනි.

Read More

පාකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 18ක් ඇතුළත් වෙයි.

Read More

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 39කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ් අනුව තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස නිමාවට පත්විය.

Read More

ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ධනංජය ද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්සේට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල් 4කින් පරාජය කරමින් දෙරට අතර පැවැති පස්වැනි එක්දින තරගය ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

’’ඔස්ට්‍රේලියා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආගන්තුක සත්කාරය හා ආදරය විශ්වාස කරන්නත් බෑ. ඔවුන් එද්දී (අද තරගය නැරඹීමට) කහපාට ඇඳගෙන ආවොත් ඒක විශිෂ්ඨ දෙයක්. කොහොම වුණත් මෙම තරගාවලිය පිටිය තුළදී අමාරු සටනක්. ඇත්ත ගත්තොත් අපි මේ තරගාවලියේදී ක්‍රීඩා කළේ නියමිත ආකාරයෙන් නෙමෙයි. ඒ ආදරණීය කණ්ඩායමක්. ඒ වගේම සංචාරය කරන්න සුපිරි ස්ථානයක්’’

Read More

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් සඳහා ක්‍රීඩා කිරිමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ් නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති ඒක්දින තරගයේදී මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 498/4ක් රැස්කරමිනි.

Read More

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය රාජ්‍ය පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවැසීය.

Read More

ලොව ප්‍රධානම ලීග් ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ 2024 වසරේ අදියර මාස දෙක හමාරක කාලයක් පැවැත්වීමට තීරණය කර ඇති බව සංවිධායකයන් තහවුරු කර ඇත. ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (බී.සී.සී.අයි) ප්‍රධානී ජේ ෂා මේ බව ඊයේ (15දා) තහවුරු කර ඇත්තේ එරට පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Read More

ශ්‍රි ලංකා කණ්ඩායමට වැසි වාසි තිබූ තරගය නැවතත් ඔස්ට්‍රේලියාව දෙසට ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් සමත්වූයේ පන්දු 51 කදී වේගවත් ලකුණු 80 රැස්කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා හයේ පහර 6ක් ඇතුළත් විය.

Read More

ඒ අනුව 19 හැවැරිදි දුනිත්ට එක්දින ජාත්‍යන්තර වරම් හිමිව තිබේ. 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී දුනිත් වෙල්ලලගේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ක්‍රීඩකයෙක් බවට පත්විය.

Read More

විස්සයි20 තරග තුනකට හා එක්දින තරග තුනකට එක්වීම සඳහා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව නිකුත් කරන මාසික ක්‍රීඩකයාට හිමි සම්මානය මැයි මාසයට අදාළව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.

Read More

තමන්ට හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් ශ්‍රෙෂ්ඨ තරගයක් ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් නායක දසුන් ශානකටත් ස්තූතිය ප්‍රකාශ කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

දසුන් ශානක පන්දු පන්දු 25කදි ලකුණු 54ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ අවසන් ලකුණු 48 පන්දු 13ක් තුළ වාර්තා විය. මෙම ඉනිම හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ තෙවැනි අදියර ජුලි 31 දා සිට අගෝස්තු 21 දා තෙක් පැවැත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත්කරමින් දෙරට අතර කොළඹ ආර්. ප්‍රෙමදාස පිටියේ පැවැති පළමු විස්සයි20 තරගය ජය ගැනිමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

සත්කාරක ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරග 03කින් යුත් විස්සයි20 තරගාවලියේ පළමු විස්සයි20 තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (07දා) රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය. පුරා මාසයකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 තරග 03කට, එක්දින තරග 05කට සහ ටෙස්ට් තරග 02කට ක්‍රීඩා කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියෙ ප්‍ර වේශ පත්‍ර අලෙවියෙන් ලබන ආදායම ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය එකාබද්ධව සංවිධානය කරන තෙවැනි කාණ්ඩයේ තරග (Division-3) විනිශ්චය කරන විනිසුරුවෙකුගේ ගෙවීම් කප්පාදු කර ඇති බවට ක්‍රිකට් විනිසුරුවෝ චෝදනා කරති.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මේ වන විට ප්‍ර වේශපත්‍ර අලෙවිය ආරම්භව තිබේ.

Read More

ශ්‍රී ලංකා සංචිතය - දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, නුවිඳු ප්‍රනාන්දු, ළහිරු මධුශංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කුස්න රාජිත, නුවන් තුෂාර, මතීෂ පතිරණ, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තික්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්

Read More

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නව සභාපතිනිය ලෙස ආසියානු දැල්පන්දු සංගමයේ උපසභාපතිනියක වන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය තේරී පත්විය. ඇයට පක්ෂව ඡන්ද 21ක් හිමිවූ අතර, ඇයගේ ප්‍රතිවාදිනිය වූ හිටපු රූ රැජිනක් වන ක්ලැරිල් ටෝසර් මහත්මියට හිමිව තිබුණේ ඡන්ද 11ක් පමණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.