පාකිස්තානු කණ්ඩායම පරාජය කර ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ ඊයේ (20දා) පැවැති තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් කඩුලු 06 ක ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.
පාකිස්තානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 214 ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ තරගයේ 33.5 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. ශේන් වොට්සන් (නොදැවී 64) හා ස්ටීවන් ස්මිත් (65) අර්ධ ශතක රැස්කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර, ග්ලෙන් මැක්ස්වෙල් වේගවත් ලකුණු 44 (පන්දු 29) රැස්කරමින් එම ජයග්‍රහණය පහසු කළේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායමට පන්දුවාර 49.5 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 213 ක් පමණි. හැරිස් සොහෙල් රැස්කළ ලකුණු 41 එම ඉනිමේ පිතිකරුවෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යව වෙයි. පාකිස්තාන පිතිකරුවන් පාලනය කරමින් 4/35 ලෙස කඩුලු දවාලූ ජෝෂ් හැස්ලිවුඩ් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව