139වැනි නිල් මහා සටන ජය පැරදුමෙන් තොරයි
- 12 03 2018
- 08:30
- {{hitsCtrl.values.hits}} views
- . .
කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 139 වැනි නිල් මහා සටන ක්‍රිකට් තරගය ඊයේ ජය පරායෙන් තොරව අවසන් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹා ගිය රාජකීය ක්‍රීඩකයින් අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 143ක් රැස් කැගෙන සිටියහ.
කොළඹ එස්. එස්. සී පිටියේ පැවති තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රීඩකයින් කඩුලු 9 ක් දැවී ලකුණු 166 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටු විය.
ඊට පිළිතුරු ලෙසින් සිය පළමු ඉනිම ක්‍රීඩ කළ රාජකීය ක්‍රීඩකයින් ඊයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 178 කි.
ශාන්ත තෝමස් ක්‍රීඩකයින් දෙවැනි ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 227 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටු වීය.
ඒ අනුව රාජකීය ක්‍රීඩකයින්ට හිමි වූ ඉලක්කය ලකුණු 216 ක් වූ අතර අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට රාජකීය ක්‍රීඩකයින් කඩුලු 6 ක් දැවී ලකුණු 143 ක් රැස් කර ගෙන සිටියේ ය.
ඡායාරූප ප්‍රදීප් දිල්රුක්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.















