අබාධයකට ලක්ව සිටින රංගන හේරත්ට ආදේශ ක්‍රීඩකයෙක් ලෙස සීක්කුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන්නේ එය හුදෙක්ම ආරක්ෂිත ක්‍රියාවක් වශයෙන් සිදුකළ බවයි.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති තරගයේදී රංගන හේරත් ආබාධයකට ලක්වූ අතර ඔහුට දින 7-10ක කාලයක් පිටියෙන් ඉවත්ව සිටිමට සිදුවන බව වෛද්‍ය වාර්තාවලින් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් රංගන කණ්ඩායමෙන් ඉවත් කර නොමැති අතර සීක්කු ප්‍රසන්න අවශ්‍යතාවයක් ඇතිවුවහොත් අයි.සී.සී. අනුමැතිය අනුව ඉදිරියේදී කණ්ඩායමට එක්වෙනු ඇත.