ලොව පැරණිතම රග්බි තරගාවලියක් ලෙස සැලකෙන සික්ස් නේෂන්ස් රග්බි තරගාවලිය අද (06දා) ආරම්භ වේ. 1883 වර්ෂයේදී ආරම්භ වූ මෙම තරගාවලිය මෙවර 121 වැනි වරට පැවැත්වෙන අතර, තරගාවලිය සඳහා රටවල් 06 ක් (එංගලන්තය, වේල්සය, ප්‍රංශය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඉතාලිය) සහභාගී වේ.
එළඹෙන මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ මේ වනවිට වැඩිම තරගාවලි සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇත්තේ එංගලන්තය හා වේල්සයයි. ඒ තරගාවලි 26 බැගිනි.
හෝම් නේෂන්ස් (1883 – 1909) ෆයිව් නේෂන්ස් (1910 – 1931), හෝම් නේෂන්ස් (1932, 1929), ෆයිව් නේෂන්ස් (1940, 1999), සික්ස් නේෂන්ස් (2000 – මේ දක්වා) ලෙස කලින් කලට වෙනස් නම්වලින් හැඳින්වූ මෙම තරගාවලියේ වත්මන් (2014) ශූරතාවට හිමිකම් කියන්නේ අයර්ලන්තයයි.
තරගාවලියේ තරග ආරම්භ කරමින් එංගලන්තය හා වේල්සය අද වේල්සයේ කාඩිෆ්හීදී තරග වැදීමට නියමිතය.