පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත පන්දු යවන්නන් පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා එංගලන්තයේ ලාෆ්බ්රෝ විශ්වවිද්‍යාලය තුළ ඒකකයක් ස්ථාපිත කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිය අද (23දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එංගලන්තයේ කාඩිෆ් විශ්වවිද්‍යාලය, චෙන්නායිහි ශ්‍රී රාමචන්ද්‍රන් විශ්වවිද්‍යාලය හා බ්‍රිස්බේන්හි ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයට අමතරව ලාෆ්බ්රෝ විශ්වවිද්‍යාලයේ අලුතින් පිහිටු වූ ඒකකය තුළදීද ඉදිරියේදී පන්දු යවන්නන්ගේ ඉරියව් පරීක්ෂා කිරීමට නියමිත බවයි.
එසේම මෙම ඒකකය නවීන උපකරණ සියල්ලන්ගෙන්ම සමන්විත බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.