සචිත් පතිරණට එක්දින වරම්
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදි අද (15දා) ආරම්භ වූ දෙවැනි එක්දින තරගයේදී ජාත්‍යන්තර එක්දින වරම් දිනාගැනීමට සචිත් පතිරණ සමත්විය. මහනුවර ත්‍රිත්ව විදුහලේ ආදි සිසුවෙකු වන 26 හැවිරිදි සචිත්, තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි.
සචිත් කැඳවීමත් සමඟ සීක්කුගේ ප්‍රසන්නට කණ්ඩායමේ ස්ථානය අහිමි විය. ඊට අමතරව පසුගිය තරගයට ක්‍රීඩාකළ සුරංග ලක්මාල් වෙනුවට නුවන් ප්‍රදීප් කැඳවා ඇත. අද ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක අසර් අලි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඡායාරූපය ශාන්ත රත්නායක
ශ්‍රී ලංකා කණ්ඩායම
කුසල් ජනිත්, තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා), ඇන්ජලෝ මැතිව්ස් (නායක), මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, සචිත් පතිරණ, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්
පාකිස්තාන කණ්ඩායම
අසල් අලි (නායක), අහමඩ් ශෙසාඩ්, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, ශොයිබ් මලික්, මොහොමඩ් රිස්වාන්, සෆ්රාස් අහමඩ් (කඩුලු රකින්නා), අන්වර් අලි, යසීර් ෂා, රහට් අලි, මොහොමඩ් ඉර්ෆාන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
