එක්දින ලෝක කුසලාන තරගාවලියේ “ඒ”කාණ්ඩයේශ්රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගයෙන්ද ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 148ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත්විය. මෙම තරගය අද (11දා) හොබාට්හි බෙලිරෙව් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එක්දින ක්‍රිකට් වාර්තා පොත මෙන්ම එක්දින ලෝක කුසලාන වාර්තා පොත අලුත් කළ කුමාර් සංගක්කාර මෙම තරගයේදී සිය එක්දින දිවියේ 25 වැනි ශතකය රැස්කළේය. එසේම එය මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඔහු අඛණ්ඩව රැස්කළ සිවුවැනි ශතකයද විය. ඒ අනුව එක්දින තරග ඉතිහාසයේ අඛණ්ඩව ශතක 4ක් රැස්කළ ලොව එකම හා පළමු පිතිකරු ලෙස සංගා ලෝක වාර්තා අතරට එක්විය.
එසේම මෙම තරගයේදී සංගා දවාගැනීම් දෙකකට දායකත්වය ලබාදුන් අතර ඒ අනුව එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම දවාගැනීම් ප්‍රමාණයකට (54) දායකත්වය ලබාදුන් කඩලු රකින්නා බවටද ඔහු පත්විය.
සංගා මේ වන විට ලෝක කුසලාන ශතක පහක් රැස්කරගෙන සිටින අතර ලෝක කුසලාන තරගාවලියකදී ශතක පහක් රැස්කළ තෙවැනි පිතිකරු සංගාවෙයි. ඔස්ට්‍රේලියාවේ රීකී පොන්ටින්ද ලෝක කුසලාන ශතක පහක් රැස්කරගෙන තිබෙන අතර එහි ඉදිරියෙන්ම පසුවන සචින් තෙන්ඩුල්කාර් ශතක 6ක් රැස්කරගෙන තිබේ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදී පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9කට ලකුණු 363ක් රැස්කළේය.
සංගා හා තිලකරත්න ඩිල්ෂාල් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 195ක සබඳතාවක් ගොඩනැගීය. වෙගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක ඇන්ජලෝ මැතිව්ස් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය (පන්දු 20) වාර්තා කිරීමට සමත්විය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු කිහිපය අඩු ලකුණු ප්‍රමාණයකට දැවී නොයන්නට ලකුණු 400 සීමාව පහසුවෙන්ම පසුකිරීම හැකියාව තිබුණි.
සිය පළමු ලෝක කුසලාන ඉනිම ක්‍රීඩාකළ කුසල් ජනිත් වේගවත් ලකුණු 24ක් රැස්කරනු ලැබීය. ස්කොට්ලන්තය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවූ ජෝස් ඩේවි කඩුලු තුනක් දවාගත් අතර ඒ අනුව තරගාවලියේ මේ දක්වා වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා (කඩුලු 14) බවටද ඔහු පත්විය.
ලකුණු 364ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 215කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
ස්කොට්ලන්ත ඉනිමේ සාර්ථකම පිතිකරුවන් වූ ප්‍රෙස්ටන් මොම්සෙන් හා ෆ්‍රෙඩී කෝල්මන් සිවුවැනි කඩුල්ලට ලකුණු 118ක සබඳතාවක් ගොඩැනැගීය. නුවන් කුලසේකර හා සිය පළමු ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කළ දුෂ්මන්ත චමීර කඩුලු දෙක බැගින් දවාගත්හ. තරගයේ වීරයා ලෙස සංගා සම්මාන ලැබීය
සංගක්කාරගේ වාර්තා
සංගක්කාරගේ ඉනිමත් සමග 2015 වසරේ මේ දක්වා රැස්කළ ජාත්‍යන්තර ලකුණු (ටෙස්ට්, එක්දින, විස්සයි20) සංඛ්‍යාව දහස (1025) ඉක්මවා ගිය අතර, එම කඩයිම පසුකළ පළමු පිතිකරුවා ඔහුවෙයි.
සංගක්කාර අද රැස්කළේ සිය 63 වැනි ජාත්‍යන්තර ශතකය වෙයි. තෙන්ඩුල්කාර් (100), පොන්ටින් (71) ඔහුට ඉදිරියෙන්ද කලිස් (62), මහේල (54), ලාරා (53) එම වාර්තා අතර පසු පසින්ද සිටිති.
සංගක්කාර ඔස්ට්‍රේලියාවේදී වාර්තා කළ 05 වැනි ශතකය මෙය වන අතර, ඔස්ට්‍රේලියාවේදී ශතක පහක් වාර්තා කළ පළමු විදෙස් පිතිකරුවා ද ඔහු වෙයි.
සංගක්කාර තරගාවලියේ මේ වනවිට ලකුණු 496 ක් රැස්කරගෙන සිටින අතර, ලෝක කුසලාන තරගාවලි දෙකක ලකුණු 400 වැඩියෙන් රැස්කළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ඔහු වෙයි.
සංගක්කාර මේ දක්වා ඔස්ට්‍රේලියාවේදී ලකුණු 2038 රැස්කර තිබෙන අතර ඔස්ට්‍රේලියාවේදී ලකුණු 2000 සීමාව පසුකළ තෙවැනි විදෙස් ක්‍රීඩකයා ඔහු වෙයි.
.jpg)
.jpg)
.jpg)