ලෝක කුසලාන තරගාවලියේ හෙට පැවැත්වෙ අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගෙන් පස්වැනි අඛණ්ඩ ශතකය බලාපොරොත්තුවන බවත්, ඒ වෙනුවෙන් යාඥා කරන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය. අර්ධ අවසන් පූර්ව තරගය පෙරාතුව පැවැති මාධ්‍ය සකච්ඡාවේදී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"ශ්‍රී ලාංකිකයන් බොහෝමයක් අපරිමිත ආධාරයක් සහිතව සිඩ්නි පිටියට පැමිණේවි. මේ තරගය කණ්ඩායම් දෙකටම අමාරු තරගයක් වේවි. අපි තරගාවලියේ අවසන් අදිරයට පැමිණ තියෙනවා. වැරදි අවම කරන කණ්ඩායම ජයගනීවි.
අපි ගොඩක් පීඩනය යොදාගන්න බලාපොරොත්තුවෙන්නෙ නෑ. මේක තවත් එක්තරගයක් විතරයි වගේම එය ජයගන්න උත්සාහ කරනවා. ඩිවිලියර්ස් විනාශකාරී ක්‍රීඩකයෙක්. ස්ටේන් හොඳ පන්දු යවන්නෙක්. අපට ඔවුන්ට එරෙහිව සැලසුම් තිබෙනවා.
කුමාර් සංගක්කාර ශතක හතරක් අඛණ්ඩව වාර්තා කළා. ඒ වගේම මම බලාපොරොත්තුවෙනවා, යාඥා කරනවා ඔහු පස්වැනි ශතකය අද වාර්තා කරයි කියලා."
තරගය පිළිබඳව අදහස් දැක්වූ ඒ.බී. ඩිවිලියර්ස්,
"අපි අද තරගය දිනන පොටක් හොයාගන්නවා. අපට ශක්තිය තියෙනවා. ඒවා ගැන අවධානය යොමුකරනවා. අපි විශේෂිත ආකාරයට ක්රීඩාකළොත් අපිට ලෝක කුසලානය දිනාගත හැකියි. අපි හොඳ තරගයක් ක්‍රීඩා කරන්න බලාගෙන ඉන්නවා.
මේ තරගය අපට වැදගත්. අවුරුදු දෙක - තුනක ඉඳලා ඒ ගැන බලාගෙන හිටියා. අපි ඒකට හොඳින් සූදානම්. නායකයෙකු ලෙස කණ්ඩායම ගමන් කළ දිසාවට කොල්ලන් මෙහෙයවීම මගේ වගකීමයි. බලමු ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව තරගයකදි මොකක්ද විය හැක්කේ කියා."