හිම ක්‍රීඩාවේ යෙදී සිටියදී පසුගිය වර්ෂයේදී අනතුරට පත්වූ ජර්මනියේ හිටපු ෆෝමියුලා වන් ශූර මයිකල් ෂූමාකර්, ඔහු ප්‍රතිකාර ලබාගත් ලුසෑන්හි රෝහලෙන් නිවසට රැගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ බව ඔහුගේ කළමනාකාරිනිය වන සැබිනේ කේම් පවසයි.
විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඇය පවසා ඇත්තේ ඔහුගේ තත්ත්වය යම් දියුණුවක් දක්නට ඇති වුවත් සුවවීමට තව කලක් ගතවිය හැකි බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් මසදී ෂූමාකර්ට සිදුවූ අනතුරින් ඔහුගේ හිසට දැඩි හානි සිදුවූ අතර මාස හයක පමණ කාලයක් ප්‍රංශයේ ග්රෙනෝවල්හී රෝහල ප්‍රතිකාර ලබමින් සිටි ෂූමාකර් වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගියදා ජුනි මාසයේදී ඔහු අවසන්වරට ප්‍රතිකාර ලබමින් සිටි ලුසෑන්හි රෝහලට මාරු කරන ලදී.