2011 වසරේදී ලෝක කුසලානය ජයග්‍රහණ කළ ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ යුවරාජ් සිං, විරේන්ද්‍ර ශෙවාග්, සහීර් ඛාන්, ගෞතම් ගාම්භීර්, හර්බජන් සිං යන ක්‍රීඩකයන්ට 2015 වසරේ ලෝක කුසලානය අහිමිවී තිබේ.
ඒ තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව නම් කළ 30 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයේදී ඔවුන්ට සිය ස්ථානය අහිමිව ඇති හෙයිනි.
2011 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගනු ලැබුවේද යුවරාජ් සිං විසිනි.
ලෝක කුසලානය සඳහා එක්වන අවසන් ක්‍රීඩකයන් 15 දෙනා ජනවාරි 7ට කලින් නම් කළ යුතුය.