ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පරාජය කර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද (21දා) පැවැති පළමු පුහුණු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 56ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත XI කණ්ඩායම සමත්විය.
පන්දුවාර 43කට සීමාකළ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අශාන් ප්‍රියන්ජන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. එම පන්දුවාර සංඛ්‍යාව තුලදී ඔවුන්ට කඩුලු 06ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 198ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 25 ක්‍රීඩාකරමින් සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා ඇති විය. ඒ වනවිට ඔවුන් කඩුලු දෙකක් දැවී ලකුණු 145ක් රැස්කරගෙන සිටියහ. නමුත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඔවුන් තරගය ජයැනීමට රැස්කරගෙන සිටිය යුතු ලකුණු සංඛ්‍යාව ලකුණු 90ක් බැවින්, එංගලන්ත කණ්ඩායමට ලකුණු 56ක ජයක් හිමිවිය.
එංගලන්ත XI කණ්ඩායමට ලකුණු 199ක ඉලක්කයක්
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා එංගලන්ත XI කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද (21දා) පැවැති පළමු පුහුණු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියමිත පන්දුවාර 43ක අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 198ක් රැස්කිරීමට සමත්විය. මෙම තරගයට පන්දුවාර 43කි.
ඉන්දියානු තරගාවලියේදී අසාර්ථක වූ කුසල් පෙරේරා නැවතත් ලකුණු අතරට එමින් මෙම තරගයේදී ලකුණු 56ක් (74) රැස්කිරීමට සමත්විය. ඔහුට අමතරව ජීවන් මෙන්ඩිස් (42*), අශාන් ප්‍රියන්ජන් (31), රමිත් රඹුක්වැල්ල (30*) පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වූ අතර, එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් මොයින් අලි (3/29), ස්ටීවන් ෆින් (2/43) දක්ෂතා දැක්වීමට සමත්වූහ.
ශ්‍රී ලංකා ඒ 123-5
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා එංගලන්ත XI කණ්ඩායම අතර අද (21දා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ ආරම්භවූ පළමු පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා %ඒ^ කණ්ඩායම මේ වනවිට පන්දුවාර 30 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 123ක් රැස්කරගෙන සිටියි.
ඡායාරූප ශාන්ත රත්නායක