ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පාලනය අතුරු කමිටුවක් යටතට පත්කිරීමට ගත් ක්රියාමාර්ගයත් සමග ශ්රී ලංකා ක්රිකට් ආයතනයට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහිමිවන තත්ත්වයක් උද්ගතව තිබේ.
අයි.සී.සී. ප්රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා මේ පිළිබඳව අනතුරු අැගවීමක් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ විධායක කමිටු සාමජිකයන්ට මෙම ලිපිය යොමුකර තිබෙන බව වාර්තා වෙයි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ වැරදිසහගත සිදුවීම් සිදුව ඇත්නම් ඒ පිළිබඳව විමර්ශණය කිරීමට ආණ්ඩුවට අයිතියක් තිබෙන නමුත් අතුරු කමිටුව දේශපාලන හේතුවක් මත පත්කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්රියාමාර්ග ගන්නා බව රිචඩ්සන් මහතා යොමු කළ ලිපියේ දැක්වෙන බව වාර්තා වෙයි.