ඔස්ටේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු376ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 377ක ඉලක්කයක් ලබාදුන්නේය.
සිය මංගල ශතකය රැස්කරමින් ග්ලේන් මැක්ස්වෙල් ඔස්ට්‍රේලියා ඉනිම ශක්තිමත් කළේය. ඔහුට අගනා සහායක ලබාදුන් ශේන් වොට්සන් ලකුණු 67ක් රැස්කළේය.
මැක්ස්වෙල් හා වොට්සන් පස්වැනි කඩුල්ලට වේගවත් ලකුණු 160ක සබඳතාවක් ගොඩනැගීය.