තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර දෙවැනි කඩුල්ලට ගොඩනැගූ වාර්තාගත සබඳතාව හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26දා) පැවැති තරගාවලියේ 18 වැනි තරගයෙන් ලකුණු 92 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වන අතර, එම ජයග්‍රහණයත් සමගින් ඔවුන්ට 'ඒ' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 333 ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශ පිතිකරුවන්ට පන්දුවාර 47 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 240 ක් පමණි. බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු පහ ලකුණු 100 ක් ඇතුලත බිඳවැටුණු අතර, ඉදිරි කඩුලු පහ ලකුණු 140ක් ඇතුලත බිඳවැටිණි. සබීර් රෙහමාන් රැස්කළ අර්ධ ශතකය (53) එම ඉනිමේ පිතිකරුවෙකු ක්‍රීඩාකළ ඉහළම ඉනිම වේ. අංක අට පිතිකරුවා ලෙස පැමිණ ලෝකු කුලාසන තරගාවලියට අර්ධ ශතකයක් රැස්කළ පළමු බංග්ලාදේශ මෙන්ම 11 වැනි ලෝක පිතිකරුවා ඔහු වේ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 332 ක් රැස්කිරීමට සමත්විය.
ළහිරු තිරිමාන්න සමගින් තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ලට ලකුණු 122ක සබඳතාවක් ගොඩනැගූ අතර, තිරිමාන්න (52) දැවීයාමෙන් පසු පිටියට පිවිසි කුමාර් සංගක්කාර සමගින් එක්වූ ඩිල්ෂාන් ඉනිම ඉදිරියට රැගෙන ගියහ. ඔවුන් දෙදෙනාම ඊයේ (26දා) ශතක රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ අතර, නොදැවී ලකුණු 161 ක් රැස්කළ ඩිල්ෂාන් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.
මෙම තරගයේ විශේෂතා
මෙම තරගය සංගක්කාරගේ 400 වැනි එක්දින ජාත්‍යන්තර තරගය වන අතර, එතරම් තරග සංඛ්‍යාවක් ක්‍රීඩාකළ තෙවැනි ශ්‍රී ලංකා මෙන්ම සිවුවැනි ලෝක ක්‍රීඩකයාද ඔහු වේ. සනත් ජයසූරිය, සචින් තෙන්ඩුල්කාර් හා මහේල ජයවර්ධන මෙම කඩඉම පසුකළ සෙසු ක්‍රීඩකයෝ වෙති.
ඩිල්ෂාන්ගේ (නොදැවී 161) ඉනිම එක්දින තරගයක ශ්‍රී ලංකා පිතිකරුවෙකු ක්‍රීඩාකළ සිවුවැනි ඉහළම ඉනිම මෙන්ම ලෝක කුසලාන තරගාවලියක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ක්‍රීඩකළ ඉහළම ඉනිම වෙයි. මීට පෙර අරවින්ද ද සිල්වා කෙන්යාවට එරෙහිව 1996 වසරේ ලකුණු 145 ක් රැස්කර තිබුණි.
සංගක්කාර ලකුණු සියයේ සීමාව පන්දු 73කදී පසුකර ගිය අතර, එය ඔහුගේ වේගවත්ම ශතකය වෙයි. මීට පෙර ඔහු පන්දු 83කදී ශතකය රැස්කර තිබුණි.
ඩිල්ෂාන් - සංගා දෙවැනි කඩුල්ලට රැස්කළ ලකුණු 210 ක නොබිදුණු සබඳතාව එම කඩුල්ලට ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් ගොඩනැගූ ඉහළ සබඳතාව වේ. එමෙන්ම ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක වාර්තා වූ තෙවැනි ඉහළම සබඳතාව මෙන්ම හයවැනි ද්විත්ව ශතක සබඳතාවද එය වේ.
ශ්‍රී ලංකා ඉනිම (332/1) ලෝක එක්දින පිටියේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 300 සීමාව පසුකළ තෙවැනි අවස්ථාව මෙය වන අතර, ඉන් දෙකකට ශ්‍රී ලංකාව දායක වී ඇත.
ඩිල්ෂාන්ගේ තෙවැනි ලෝක කුසලාන ශතකය මෙය වන අතර, ඒ අනුව ඔහු සනත් ජයසූරිය සමගින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු වාර්තා කර තිබෙන වැඩිම ලෝක කුසලාන ශතක සංඛ්‍යාව සමකිරීමට හැකිවිය. සචින් තෙන්ඩුල්කාර් (5) හා මාක් වෝ (4) වැඩිම ශතක රැස්කර ඇති ආරම්භක පිතිකරුවෝ වෙති.
ටස්කින් අහමඩ්ට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 82 ක් ලබාගත් අතර, එය ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශ පන්දු යවන්නෙකුට එරෙහිව ප්‍රතිවාදී කණ්ඩායමක් ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වෙයි. ලකුණු 86 ක් ලබාදී ඇති අබ්දුල් රසාක් මෙහි ඉදිරියෙන් සිටියි (2007/ශ්‍රී ලංකාව)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)