දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (03දා) මුහුණු දුන් සිව්වැනි තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරාජය කර ලකුණු 90ක ජයක් ලැබීමට සමත්විය. එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරග දෙක බැගින් ජය හා පරාජය වී ඇත.
එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 40 තුළදී ලකුණු 391/8 රැස්කිරීමට සමත් විය. චන්දන දේශප්‍රිය ශතක ඉනිමක් ක්‍රීඩා කළ අතර, රුවන් වසන්ත, දිමුතු රවින්ද්‍ර හා සමන් කුමාර අර්ධ ශතක රැස්කරමින් ඉනිම ඔසවා තැබූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 301ක් පමණි. ලූක් සග් ලකුණු 130 රැස්කළේය. පන්දු යැවීමෙන් සමන් කුමාර 4/71 ලෙස කඩුලු දවාළීය.
මෙතෙක් පැවැති තරගවලින් ශ්‍රී ලංකා විසින් ඔස්ට්‍රේලියාව (කඩුලු 04) පරාජය කර ඇති අතර, ඉන්දීය කණ්ඩායම (ලකුණු 139) හා පාකිස්තාන කණ්ඩායම (ලකුණු 224ක) හමුවේ පරාජය විය. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (05දා) සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකාව 391/8 (පන්දුවාර 40)
චන්දන දේශප්‍රිය 101, රුවන් වසන්ත 58, දිමුතු රවින්ද්‍ර 54, සමන් කුමාර 50, චන්දන සූරියආරච්චි 27, සුරංග සම්පත් 23, ජස්ටින් හොලින්ග්ස්වෝත් 4/54
එංගලන්තය 301/10
ලූක් සග් 130, පීටර් බ්ලුයිට් 12, සමන් කුමාර 4/71, රුවන් කරුණාතිලක 2/34, දිමුතු රවින්ද්‍ර 1/52