චීනයේ අන්හුයි පළාතේ චීජෝ නුවරදී පැවැත්වෙන 06 වැනි ලෝක සාම්ප්‍රදායික වූෂු තරගාවලියේ ඊයේ (29) දිනය වන විට රන් පදක්කම් 03 ක්, රිදී පදක්කම් 04 ක් හා ලෝකඩ පදක්කම් 05ක් දිනාගනිමින් ශ්‍රී ලංකාව මෙතෙක් ලෝක සාම්ප්‍රදායික වූෂු තරගාවලියකදී දැක්වූ ඉහළම දක්ෂතාව දැක්වීමට සමත් වී සිටියි.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ බ්‍රෙන්ඩන් ඇන්තනි බෙන්ස් පසුගියදා (28දා) ඔහුගේ දෙවැනි රන් පදක්කමද තායිජිජියෑන් ඉසව්වෙන් දිනාගැනීමට සමත් විය. 'බී' කාණ්ඩයෙන් තරග වදින බෙන්ස් මීට පෙර තායිජිජුවාන් ඉසව්වෙන්ද රන් පදක්කමක් දිනාගැනීමට සමත් විය.
ඔහුට අමතරව 'ඩී' කාණ්ඩයේ තරග වැදුණු ෂ්‍යාමන් ලියනආරච්චි තායිපිජියෑන් ඉසව්වෙන් රන් පදක්කම් දිනාගැනීමට සමත් විය.
තරගාවලිය අද අවසන් වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම අද (30දා) දිවයිනට පැමිණීමට නියමිතය.
තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිනා ගත් තවත් පදක්කම් කිහිපයක් පහත දැක්වේ
තායිජීජියෑන් ඉසව්ව
'ඩී' කාණ්ඩය - රිදී පදක්කම, ලක්ෂ්මන් කරුණාරත්න
'බී' කාණ්ඩය - රිදී පදක්කම - හිරුෂ මධුෂංක
'සී' කාණ්ඩය - රිදී පද්ක්කම - වයි.එස්.ලක්සුර
දුලියෑන් ඉසව්ව (පුද්ගලයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු තරග වදින ඉසව්වකි)
ලෝකඩ පදක්කම - හිරුෂ මධුෂංක, පසිඳු රණසිංහ, හේෂාන් නිමන්ත