ක්‍රිකට් තරගවලදී පිටියේ විනිසුරු හා තෙවැනි විනිසුරු අතර ඇතිවන දෙබස් තරග නරඹන ප්රේක්ෂකයාටද ශ්‍රවණය කළ හැකිවන ක්‍රමවේදයක් සැකසීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) තීරණය කර ඇත.
මෙහිදී දැවීයාමක් සම්බන්ධව මෙන්ම තෙවැනි විනිසුරු විසින් ලබාදෙන විවිධ උපදෙස් ආදියද ප්‍රේක්ෂකයාට ශ්‍රවණය කළ හැකිය. එහි අත්හදා බැලීමක් හෙට (14දා) ආරම්භ වන ඔස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා තරග පහකින් යුත් එක්දින තරගාවලියේදී සිදුකිරීමට නියමිත බව අයි.සී.සී.ය වැඩිදුරටත් නිවේදනය කරයි.
පසුගිය කාලයේදී පැවැති ඇතැම් ක්‍රිකට් තරගවලදී ඇතැම් විනිසුරු තීරණවලට එරෙහිව ප්‍රේක්ෂකයන් කලහකාරී ලෙස හැසිරුණු අවස්ථා වාර්තා වූ අතර, මේ බව පෙන්වා දෙමින් අයි.සී.සී.යේ ක්‍රිකට් පිළිබඳ මහ ලේකම් ජොෆ් ඇලර්ඩිස් පවසන්නේ මෙයින් විනිසුරු තීරණය වඩාත් ප්‍රේක්ෂකයා අතරට ගෙන යා හැකි බවයි.
මේ අතර අයි.සී.සී.ය අවසන් වශයෙන් පවසන්නේ මෙම ක්‍රමවේදයේ සාර්ථකත්වය මත එය එළැඹෙන ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඇතැම් තරග සඳහාද යොදාගැනීමට නියමිත බවයි.