වසරේ ක්රීඩකයාට සංගක්කාර - මැතිව්ස් සටනේ
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය විසින් පිරිනමන වසරේ ක්රිකට් ක්රිඩක සම්මානය සඳහා කුමාර් සංගක්කාරගේ හා ඇන්ජලෝ මැත්ව්ස්ගේ නම නිර්දේශ වී තිබේ. කෙසේ වෙතත් වසරේ ජනතාවගේ ක්රීඩකයා සඳහා ශ්රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්ගේ නම නිර්දේශ වී තිබුණත් අවසන් වශයෙන් එහි සම්මානය ඉන්දියාවේ භුවනේෂ්වර් කුමාර්ට හිමිව තිබේ.
වසරේ ක්රීඩකයා සඳහා මිචේල් ජොන්සන් හා ඒ.බී. ඩිවිලියස්ද යෝජනා වී තිබේ.
වසරේ එක්දින ක්රීඩක සම්මානය සඳහා ශ්රී ලංකාවේ කිසිවෙකුගේ නම් නිර්දේශ වී නොමැත.
වසරේ හොඳම විස්සයි20 දක්ෂතාවය සඳහා රංගන හේරත් ඇතුළත් වේ.
මේ අතර වසරේ ලෝක ටෙසට් කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ. රංගන හේරත් හා සංගක්කාර එයට ඇතුළත් වේ.
වසරේ එක්දින කණ්ඩායමට ශ්රී ලංකාවේ අජන්ත මෙන්ඩිස් පමණක් එක්ව සිටියි.
සම්මාන සඳහා නිර්දේශ නාම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

