චීනයේ චීජෝහි ජිංහුවා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 06 වැනි ලෝක සාම්ප්‍රදායික වූෂු තරගාවලියේදී අද (27දා) ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට, 'බී' කාණ්ඩයේ තායිජීජුවාන් ඉසව්වෙන් ක්‍රීඩාකළ ඇන්තනී බේන්ස් සමත්විය.
එම කණ්ඩයේ් රිදී පදක්කම හා ලෝකඩ පදක්කම පිළිවෙලින් දිනාගැනීමට ශ්‍රී ලංකාවේම රේ.එන්.එච්.එන්. ජයසේකර හා දිල්ෂ අබේසිංහ සමත්වූහ.
මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් සමගින් සමස්ත පදක්කම් පහක් හිමිකරගෙන තිබේ.
පසුගිය 25 වැනිදා ආරම්භ වූ 30 දා නිමාවට පත්වෙයි.