(පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට)
2015 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීම ස්ථීර බවත්, අද (13දා) ක්‍රීඩාකළ තරගය තමන් මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ අවසන් එක්දින තරගය බවත් කුමාර් සංගක්කාර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ අද සන්ද්‍යාවේ අවසන් වූ හයවැනි එක්දින තරගයෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්චාවේදී පවසා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ සංගක්කාර,
එළබෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසු මම එක්දින තරග වලින් සමුගන්නවා, ඒක නියතයි. නමුත් ටෙස්ට් තරගවලින් සමුගන්නවාද නැද්ද කියලා තවම තීරණය කරලා නැහැ. මගේ සේවය තවදුරටත් අවශ්‍යද කියලා තේරීම් කමිටුවත් එක්ක සාකච්චා කරලා ඒ ගැන තීරණයක් ගන්නවා.
මම කුඩාකාලයේ සිටන් හැදුනේ වැඩුනෙ මහනුවර, පාසල් ගියේ මහනුවර ත්‍රිත්ව විදුහලට, මගේ පුහුණුකරුවන් ගුරුවරුන්, මගේ යාළුවෝ බොහෝ දෙනෙකුගේ මතක සටහන් මෙහි තිබෙනවා. එමනිසා ඔවුන් මට දක්වපු සහයෝගයට, ආදරයට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා යැයි සංගක්කාර පැවැසීය.
ක්‍රීඩකයෙකු ලෙස ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කළාට, අපේ ඇත්ත කොන්ත්‍රාත්තුව තිබෙන්නේ ලංකාවේ අපේ ප්‍රේක්ෂකයන් එක්ක. ඔවුන් වෙනුවෙන් අපි ක්‍රීඩා කරන්නේ. මගේ අවසන් තරගයට මෙතරම් පිරිසක් පැමිණිලා ශ්‍රි ලංකා කණ්ඩායමට සහයෝගය ලබාදීම ගැන ස්තුවන්ත වෙනවා. ක්‍රිකට් ජීවිතය ඉවරවෙද්දි යන්න ඕන. ඒක ඕනෑම ක්‍රීඩකයෙකුට පොදුයි. මගේ කාලය දැන් හරි යැයි කුමාර් සංගක්කාර පවසා සිටියේය.
ඡායාරූප ශාන්ත රත්නායක