ලෝකශූර මුලාවුඩුසි දිවියෙන් සමුගනියි
- 26 10 2014
- 12:36
- {{hitsCtrl.values.hits}} views
- . .
දකුණු අප්‍රිකානු මලල ක්‍රීඩක මිබුලානි මුලාවුඩුසි දකුණු අප්‍රිකාවේ සිදුවූ රිය අනතුරකදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මීටර් 800 හිටපු ලෝක ශූරයෙකු මෙන්ම, ඔලිම්පික් රීදී පදක්ම්ලාභී ක්‍රීඩකයෙකු වූ 32 හැවිරිදි මිබුලානි 2013 වසරේදී මලල ක්‍රීඩවෙන් සමුගත්තේය.
ජෝහැන්නස්බර්ග්හි පැවැති මලල ක්‍රීඩක රැස්වීමක් සඳහා සහභාගිවීමට යමින් සිටියදී ඔහු මෙසේ අනතුරට පත්ව තිබුණේ පසුගිය 24 වැනිදාය.
&ඔහුගේ පවුලට මිත්‍රයන්ට අපේ ශෝකය පිරිනමනවා. ඔහු සත්‍ය වශයෙන් නියම ඔලිම්පික් ක්‍රීඩකයෙක් වගේම, හොඳ මලල ක්‍රීඩකයෙක්* යනුවෙන් අන්තර්ජාතික ඔලිම්පික් සංගමයේ සභාපති තෝමස් බැච් නිවේදනයකින් පවසයි.
මුලාවුඩුසිගේ දක්ෂතා
ඔලිම්පික් - රීදී (2004)
ලෝක ශූරතා - රන් (2009),ලෝකඩ (2003)
ලෝක ශූරතා ගෘහස්ථ - රන් (2004), රිදී (2006, 2008)
පොදුරද මඬුළු - රන් (2002)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

