ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ ඇතැම් සාමාජිකයන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධව විශ්‍රාමලත් විනිසුරුවරියකගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් පත්කර අදාළ චෝදනාව පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා වෙත දන්වා ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය අද (03දා) නිවේදනය කළේය.
කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම පිළිබඳ සිද්ධිය මෙරට මාධ්‍යයන් වාර්තා කෙරිණි. අදාළ සිද්ධිය ක්‍රීඩාවේ අනාගතයට මෙන්ම රටේ කීර්තිනාමයටද බරපතළ ගැටලුවක් විය හැකි බැවින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම සිද්ධිය සොයා බැලීමට විශ්‍රාමලත් විනිසුරුවරියකගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ස්වාධීන කමිටුවක් පත්කර ඇත. ඒ මගින් ලබාදෙන වාර්තාව මත පදනම්ව ක්‍රීඩා අමාත්‍යවරයා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන්ව ඇත.