ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ඉදිරියේදී ආරම්භ වන වයස 19 පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රොජර් විජේසූරිය මහතා පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතා 'අද' ට පැවැසීය.
ඔහුගේ පත්වීම ඔස්ට්‍රේලියානු තරගාවලියට පමණක් අදාළ වන බවද ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවීඩ් නවාස් මහතා කටයුතු කළේය.
කෝල්ට්ස්, මොරටුව ක්‍රීඩා සමාජයන්හි දකුණත් පිතිකරුවෙකු හා වමත් දඟ පන්දු යවන්නෙකු ලෙස කටයුතු කර ඇති විජේසූරිය මහතා, 1982 – 1985 කාලවකවානුවේදී ටෙස්ට් තරග 4කදී හා එක්දින තරග 8කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය මෙම මස 25 වැනිදා ආරම්භ වන අතර, එම තරගාවලියට එක්දින තරග 05ක් හා එක් ටෙස්ට් තරගයක් ඇතුළත් වෙයි.