තමා සමේ පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බව හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයෙකු හා කීර්තිමත් ක්‍රිකට් විස්තර විචාරයකයෙකු වූ රිචී බෙනොඩ්හෙළි කර ඇත.
84 වැනි වියේ පසුවන බර්නාඩ් 1964 වර්ෂයේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ක්‍රිකට් තරග විචාරකයෙකු ලෙස සේවය කළ අතර, පසුගිය වසරේදී ඔහු ගමන් කළ මෝටර් රථයේ සිදුවූ අනතුරකින් පසු බෙනොඩ් එයින්ද විශ්‍රාම ගියේය.
බෙනොඩ් මේ වනවිට සමේ පිළිකාවලින් වැළකීම සඳහා මිනිසුන් උනන්දු කිරීමේ වැඩසටහනක නියැළී සිටියි.
බනාඩ් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වා ඇති බෙනොඩ් ඔස්ට්‍රේලියා කණ්ඩායම අවස්ථා තුනකදී අළු බඳුන තරගාවලි ජයග්‍රහණ කරා මෙහෙයවා තිබේ.
තරග 63කදී ලකණු 2201 ක් වාර්තා කර ඇති ඔහු කඩුළු 248ක් දවාගෙන තිබේ.