ආසියානු පස්කොන් (five nations) රග්බි තරගාවලියට මහනුවර ක්‍රීඩා සමාජයේ ෂෝන් විජේසිංහ කැඳවීමට ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව පියවර ගෙන ඇත. ඔහු පසුගිය මාර්තු මාසයේදී නිමාවූ ක්ලිෆඩ් කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර රග්බි පිටිෙයන් සමුගත්තේය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ (forwards) ශක්තිමත් කිරීමේ අරමුණින් ඔහුව නැවත වරක් කැඳවීමට ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව කටයුතු කර ඇති අතර, ඒ සඳහා ෂෝන්ද සිය එකඟතාව ප්‍රකාශ කර ඇත. ඔහු මීට පෙර මෙම තරගාවලියේ දී කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත්කර තිබිණි.
නමුත් මෙවර තරගාවලිය සඳහා නම් කළ සංචිතයෙන් මීට පෙර තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ඉදිරිපෙළ ක්‍රීඩකයන් වන හැව්ලොක්ස් කණ්ඩායමේ ෂෙහාන් පතිරණ, සුදර්ශන මුතුතන්ත්‍රී හා ෂෙනාල් ඩයස්, නාවික හමුදා කණ්ඩායමේ කළණ අමරසූරිය, බිලාල් හසන්, හසිත පෙරේරා ආබාධවලට ලක් වීම හා පෞද්ගලික හේතු මත ඉවත්ව ඇත.
තරගාවලියේ අවසන් 30 දෙනාගේ සංචිතය මේ වනවිට තෝරාගෙන අවසන් අතර හෙට (25දා) අවසන් 25 දෙනා තෝරාගැනීමට නියමිතව ඇත. ආසියානු පස්කොන් තරගාවලිය එළඹෙන මැයි 03 වැනිදා සිට මැයි 09 වැනිදා දක්වා පිලිපීනයේදී පැවැත්වේ.