සත්කාරක නවසිලන්ත කණ්ඩායම හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ශ්රී ලංකා කණ්ඩායමේ අංක එකේ දග පන්දු යවන්නා වන රංගන හේරත්ට අහිමිවන හැඩ පහළ වී තිබේ.
ඒ ඔහු ආබාධයකට ගොදුරු වී ඇති හෙයිනි. එළැඹෙන 26දා ආරම්භවන පළමු ටෙස්ට් තරගයට හේරත් ක්රීඩා නොකරන බව කණ්ඩායම් කළමනාකරු මයිකල්ද ඩි සොයිසා ක්රික් ඉන්ෆෝ පුවත් සේවයට තහවුරු කර තිබේ.
එසේම ඔහු දෙවන ටෙස්ට් තරගය සඳහා තරග කිරීමට අරගලයක සිටින බවත් හෙතෙම සඳහන් කර තිබේ.