සමස්ත පිරිමි ශූරතාව රන් පදක්කම් 4 ක් දිනාගත් හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයටත්, සමස්ත කාන්තා ශූරතාව රන් පදක්කම් 2 ක් දිනාගත් පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයටත් හිමිකර දෙමින් යොවුන් කාන්තා හා පිරිමි බොක්සිං තරගාවලිය අද (23දා) කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ක්රීඩාගාරයේදී නිමාවට පත්විය.
කාන්තා හා පිරිමි බර පන්ති 18 ක් යටතේ පැවති තරගාවලියේ දක්ෂතම ප්‍රහාරකයා (best boxer) සම්මානය හිමිකර ගැනීමට සමත් වූයේ දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප විශ්ව විද්‍යා පීඨයේ ජී.ඩබ්.බී. මනරම්ය. පේරාදෙණිය ම.ම. විද්‍යාලයේ කේ.ජී.කේ.එම්. කරුණාසිංහ තරගාවලියේ දක්ෂතම පරාජිතයා බවට පත්විය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අයි.පී.ආර්.එස්. ඉලංගරත්න සම්මාන දිනාගනිද්දී, දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙසට රත්නපුර සීවලී විද්‍යාලයේ ආර්.පී.වයි. චමෝදි සම්මාන දිනාගත්තාය.
පසුගිය 20 සිට අද දක්වා තරගාවලිය පුරා දින 4 ක් පැවැත්විණි.
සමස්ත පිරිමි ශූරතාව - හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨය
සමස්ත කාන්තා ශූරතාව - පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලය
දක්ෂතම ප්‍රහාරකයා - දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප විශ්ව විද්‍යා පීඨයේ ජී.ඩබ්.බී. මනරම්
තරගාවලියේ දක්ෂතම පරාජිතයා - පේරාදෙණිය ම.ම. විද්‍යාලයේ කේ.ජී.කේ.එම්. කරුණාසිංහ
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව - ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අයි.පී.ආර්.එස්. ඉලංගරත්න
දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව - ත්නපුර සීවලී විද්‍යාලයේ ආර්.පී.වයි. චමෝදි
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු