යාන්ත්‍රික ශරීරාංග ඇති පුද්ගලයන් වෙනුවෙන් වෙන්වූ වෙනමම ඔලිම්පික් තරගාවලියක් 2016 වසරේදි පැවැත්වීමට ස්විට්සර්ලන්තය මේ වනවිට සූදානම් වෙයි.
සම්පූර්ණයෙන්ම පරිගණක ගත කරන ලද ක්‍රියාවලියක් ඔස්සේ සිදුවන මෙම තරගාවලිය විවිධාකාරී රෝගාබාධයන්ට ලක්ව ඇති එහෙත් සාමාන්‍ය මට්ටමේ දිවිපෙවතක් ගත කළ නොහැකි මෙන්ම, ඔවුන්ගේ ශරීර ක්‍රියාකාරිත්වය විවිධ යාන්ත්‍රික අංගවලින් සමන්විත වූ අය මේ සඳහා එක්වෙයි.
තරගාවලිය පැවැත්වීම හරහා තරග සංවිධායකයන් බලාපොරොත්තු වන්නේ රෝගීන්ට එදිනෙදා දිවියේ පහසුවෙන්ම භාවිත කළ හැකි උපකරණ ලොවට හඳුන්වාදීමයි.
එක් එක් ඉසව්හි ජයග්‍රාහකයන් සඳහා පදක්කම් දෙකක් ලබා දීමට තරග සංවිධායකයන් බලාපොරොත්තුවන අතර, එකක් ක්‍රීඩකයාටත් අනෙක ඔහුට අවශ්‍ය උපාංග නිශ්පාදනය කරනු ලැබූ සමාගමටත් ලබා දීමට තරග සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
බී.බී.සී. ඇසුරෙනි