මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගැන සිතා ඡන්දය භාවිත කිරීමෙන් වැළකුණා- ඇමති මහින්දානන්ද
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය පිළිබඳ අවධානය යොමුකර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ගෙනා නව යෝජනාවලිය සඳහා ජන්දය භාවිත කිරීමෙන් වැළකීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
එසේම දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය අවසාන මොහොතේ තම ස්ථාවරය වෙනස් කිරීමද එසේ ජන්දය භාවිත නොකර සිටීමට එක් හේතුවක් වූ බවද අමාත්‍යවරයා පැවසීය.
“දකුණු අප්‍රිකාව අවසාන මොහොතේ වෙනස්වුණා. මෙවැනි යෝජනාවලියක් අපට තනිව පරාජය කරන්න බැහැ. ඒක තමයි ඇත්ත. නමුත් අපි පක්ෂව ඡන්දය දුන්නෙත් නැහැ, විපක්ෂව දුන්නෙත් නැහැ. අපේ විධායක කමිටුවට පුළුවන් ආයෙත් සාකච්ඡා කරලා ඔවුන් කැමති තීරණයක් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට දැනුම්දෙන්න.
සිංගප්පූරුව බලා පිටත්ව ගිය නිලධාරීන් කළේ මේ අවස්ථාවේ කළ යුතුම දෙයයි. අපි ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමුකරලා තියෙනවා. ඔවුන් ගොඩක් වෙනස්කම් කරලත් තියෙනවා. අපි ඡන්දය ප්‍රකාශ නොකිරීමට තීරණය කළේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන්” යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

