ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර රංචිහිදී දැන් පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයේදී තම කුලුඳුල් එක්දින ශතකය වාර්තාකිරීමට ඇන්ජලෝ මැතිව්ස් මීට සුළු වේලාවකට පෙර සමත්විය. පන්දු 102ක් වැයකළ එම ශතකයට හතරේපහර පහක් හා හයේ පහර පහක් අන්තර්ගත විය. එක්දින ජාත්‍යන්තර තරග 137කට ක්‍රීඩාකර ඇති මැතිව්ස්ගේ මීට පෙර ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 93*කි.