ශ්රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඇකිලීස් ඛණ්ඩරාවේ (බත් කෙන්ඩයට සම්බන්ධිත බල නහරය) අැතිවූ ආබාධයෙන් ඔහු සුවය ලබා තිබෙන බව ශ්රී ලංකා කණ්ඩායමේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා ක්රික්ඉන්ෆෝ පුවත්සේවයට පවසා තිබේ.
එසේ වුවත් ආබාධයකට ලක්ව තිබෙන රංගන හේරත් 18දා සිඩ්නි පිටියේ පැවැත්වීමට නියමිත තරගය සඳහා එක්වීම තවමත් නිල වශයෙන් පැවැසිය නොහැකි බවද කළමනාකරු පවසා තිබේ.
කෙසේ වෙතත් රංගන හේරත් හෙට දිනයේදී පන්දු යැවීම ආරම්භ කිරීමට නියමිතය.