ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ හිටපු නායකයෙක් මෙන්ම සුපිරි පිතිකරුවෙක් වන මහේල ජයවර්ධන පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ අවධානය යොමුව තිබේ.
මේ පිළිබඳව 'අද' පුවත්පතට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා මහේල ජයවර්ධන කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවයි.
"මහේලව අපි ක්‍රිකට් ආයතනයේ උපදේශකයෙකු ලෙස ගේනවා. පැහැදිලිවම මහේල කැමැත්තක් දක්වලා තියෙනවා. දැන් එයාට ක්‍රිකට් ආයතනයේ කිසිම ගැටලුවක් නෑ." යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ භේදයකින් තොරව සමස්ත ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම මහේල උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
නිමාවට පත්වූ ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මහේල ජයවර්ධන අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදුන්නේය. ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මහේල සඳහන් කළේ, තමන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා යමක් කිරීමට කැමැත්තෙන් සිටින බවයි.
එහිදී ඔහු විශේෂයෙන්ම සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.