ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ක්රීඩා සමාජය හා පොලිස් ක්රීඩා සමාජය ඊයේ (25දා) සමත්විය.
මෙහි එක් අවසන් පූර්ව තරගයක් ඊයේ (25දා) කොළඹ තුරඟ තරග පිටියේ පැවැති අතර, එම තරගයෙන් ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 27-16 ක් ලෙස පරාජය කිරීමට පොලිස් කණ්ඩායම සමත් විය. ඔවුහු පළමු අර්ධය අවසානයේදී ලකුණු 15-06 ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට සමත් වූහ.
පොලිස් ක්රීඩකයන් ගෝල දිනුමක් හා උත්සාහක දිනුම් 4 ක් ආධාරයෙන් සිය ලකුණු රැස්කළ අතර, උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් ආධාරයෙන් ගුවන් හමුදා කණ්ඩායම සිය ලකුණු රැස්කළේය.
මේ අතර ඊයේ (25දා) පැවැති අනෙක් අවසන් පූර්ව තරගයෙන් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ලකුණු 22-07 ක් ලෙස පරාජය කිරරීමට මහනුවර ක්රීඩා සමාජය සමත් විය. මහනුවර නිත්තවෙලදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට
07-00 ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට මහනුවර කණ්ඩායම සමත් විය.
.jpg)
.jpg)
ඡායාරූප - ඉසුරු පෙරේරා