තමන්ට එරෙහිව පනවා තිබූ ජීවිතාන්තය දක්වා වන පාපන්දු තහනමට එරෙහිව ශ්රී ලංකා පාපන්දු සංගමයේ හිටපු සභාපති හා හිටපු ෆිෆා (අන්තර්ජාතික පාපන්දු සම්මේලනය) විධායක කමිටු සාමාජිකයෙකුද වන මනිලාල් ප්රනාන්දු මහතා ක්රීඩා බේරුම්කරණ අධිකරණයට ගොනුකළ ඇපෑල එම අධිකරණය විසින් ඊයේ (30දා) ඉවතදමනු ලැබීය.
පාපන්දු ආචාරධර්ම කඩකිරීමේ චෝදනා යටතේ මනිලාල් ප්රනාන්දු මහතාට ෆිෆා ආයතනය විසින් 2013 වසරේ ඔක්තෝබර් මාසයේ ජීවිතාන්තය දක්වා පාපන්දු තහනමක් පැනවීය.